12 Years A Slave

in Steem Sri Lanka2 days ago

1000042620.jpg

source

මම ඊයේ වෙනකන් බලපු සංවේදීම ෆිල්ම් එක තමයි The Green Mile .නමුත් මේ ෆිල්ම් එකට පස්සේ මට හිතුනා මේක තමයි මම බලපු සංවේදීම ෆිල්ම් එක කියලා.මොකක් උනත් The Green Mile ෆිල්ම් එක බලල මම හිත හදාගත්ත එකම විදිහ තමයි මේක ඉතින් මොකක් උනත් කතාවක්නේ කියලා.නමුත් මේක බැලුවට පස්සේ මට තාම හිත හදාගන්න බැරි ඇත්තටම ලෝකෙ මෙහෙම දේවල් උනා නේද කියල.මිනිස්සු ඒ කාලේ විඳපු දුක මට හිතාගන්න බෑ ඔවුන් එක කොයි විදිහට දරා ගත්තද කියලා.ඇත්තටම ඒ තරම් සංවේදී මේ ෆිල්ම් එක.මිනිස්සු කොහොම කොයි විදිහට මේ වගේ දේවල් කරාද ? ඔවුන්ගේ හිත්වල මේ තරම් අනුකම්පාවක් නැති වුනේ කොහොමද කියලා මට තවම හිතා ගන්නබැහැ.නිදහස් මනුස්සයෙක් කියන වචනෙ හරිම තේරුම ඔයාලා හරියට දන්නවද? ඔයාට හරියට මේකෙ උත්තරයක් නැත්නම් මේ ෆිල්ම් එක ඔයා බලන්නම ඕන.

නිදහස කියන වචනය තුළින් ඇත්තටම අර්ථවත් කරන දේ අපි මේ වෙනකොට අත්විඳිනවා .ඒ නිසාම ඒක ගැන අපිට ලොකුවට දැනෙන්නේ නැහැ.කාටවත් කරදරයක් නැතිව තමන්ගේ පාඩුවේ ආස දෙයක් කරගෙන කාලා බීලා ඉන්න එක හොඳම උදාහරණයක්.ඉතින් මේ නිදහස කියන අයිතිය තමන්ගෙන් පැහැර ගත් කෙනෙක් ඒ කටුක අත්දැකීම ලෝකයට කියාපෑ පොතක් පාදක කරගෙන හැදුන ෆිල්ම් එකක් තමයි මේක.මේ ෆිල්ම් එක කොච්චර සංවේදීද කියනවනම් මේ වගේ දුකක් කිසිම කෙනෙකුට දෙන්න එපා කියලා මම ෆිල්ම් එක බලලා ඉවර වුණාට පස්සේ සෑහෙන කතාවක් ප්‍රාර්ථනා කරා.ෆිල්ම් එක බලද්දි ඔයාටත් හිතේ මේක වගේ හැගීම් දැනීම් නැති මිනිස්සු කොහොම ජීවත් උනාද කියලා.ඇත්තටම එහෙම මිනිස්සු අදත් ඉන්නවා හෙටත් ඒක එහෙම ඉන්නවා කියලයි මටනම් හිතෙන්නේ.ඒ තමයි අපි සුන්දරයි කියලා හිතන් ඉන්න ලෝකෙ අමිහිරි පැත්ත.imdb දර්ශකයේ 8.1දැවැන්ත අගයක් හිමිවෙලා තියෙන මේ ෆිල්ම්් එකට ඔස්කාර් සම්මාන තුනක් ඇතුළුව සම්මාන දෙසියයකට අධික සංඛ්‍යාවක් හිමිවෙලා තියෙනවා.ඉතින් ඔයාට තවමත් මේ ෆිල්ම් එක බලල නැත්නම් මේ සංවේදී ෆිල්ම් එක ඔයාලා බලන්නම ඕන එකක්.