60 Vayadu Maaniram
ඉතින් යාළුවනේ ඔයාලා හැමෝම පරිස්සමෙන් ඇති කියලා හිතනවා.අද ලියන්න යන්නේ අති සංවේදී කතාවක් තියෙන ඒ වගේම තමයි කතාවේ අන්තිමට සමාජයට ලොකු පණිවිඩයක් දෙන ෆිල්ම් එකක්.මේ ෆිල්ම් එක ටිකක් පරණයි, 2018 නිකුත් වෙච්ච මේ ෆිල්ම් එකට IMDB 6.6ක ඉහල අගයක් හිමි වෙලා තියෙනවා.Crime & Thriller කියන කාණ්ඩ වලට අයත් වෙන මේ ෆිල්ම් එක අන්තිම වෙනකම්ම කුතුහලයෙන් වගේම ආසාවෙන් බලන්න පුළුවන් එකක්.හරි ඉතින් වැඩි කතා නැතුව ෆිල්ම් එක ගැන පොඩි අදහසක් දෙන්නම්කෝ.
ශිවා කියන්නේ පරිගණක ඉංජිනේරුවරයෙක්.ශිවාගේ අම්ම නම් ජීවතුන් අතර නැහැ, ශිවා ඉන්නෙ තාත්තත් එක්ක.වාගේ තාත්තා ගණිතය ගුරුවරයෙක් ඒ වුණාට දැන් නම් ව්ශ්රාමිකයි.ශිවාගේ තාත්තට ඇල්සයිමා කියන රෝගය තියෙනවා.ඒ කියන්නෙ හැම දෙයක්ම ඉක්මනට අමතක වෙනවා.අඩුම තරමේ එයා කවුද කියලවත් එයාට අමතක වෙනවා.මේ නිසා ශිවා මේ රෝගීන් බලාගන්න මධ්‍යස්ථානයකට තමයි තාත්තා නවත්තලා තියෙන්නේ.නමුත් දවසක් ශිවාගේ තාත්තා හිටිහැටියෙම අතුරුදහන් වෙනවා.ඒ කොහොමද කියලා ෆිල්ම් එක බලාගෙන යද්දි ඔයාලට තේරුම් ගන්න පුළුවන්.ඉතින් ඒක ෆිල්ම් එකේ එක පැත්තක් විතරයි.ෆිල්ම් එකේ අනිත් පැත්තෙන් පෙන්නනවා බොහොම දරුණු අමානුෂික ඝාතනයක් ගැන.මිනීමරුවන් මේ මළ සිරුර කොහොම හරි පොලිසියට හොයාගන්න බැරිවෙන්න හංගන්න උත්සාහහ කරනවා.ඉතින් මේ ඝාතනය ශිවාගේ තාත්තත් එක්ක සම්බන්ධ වෙන්නෙ කොහොමද? ශිවාට තාත්තව හොයාගන්න පුළුවන් වෙයිද? ඉතින් ඔන්න ඔය ප්‍රශ්නත් එක්ක වැඩි වෙන කුතුහලෙන් බලන්න පුළුවන් ලස්සන ෆිල්ම් එකක් තමයි මේක.