American Psycho
ඉතින් කොහොමද? ඔයාලා හැමෝම පරිස්සමෙන් ඇති කියලා හිතනවා.අද අරගෙන ආවේ බලපු අමුතුම විදියේ අපූරු කතාවක් තියෙන hollywood ෆිල්ම් එකක්.ඉතින් මේ ෆිල්ම් එක නම් ඔයාලා බලන්නම ඕන එකක්.2000 වසරේ නිකුත් තුන මේ ෆිල්ම් එක ගැන ඔයාලා සමහරවිට අහලා නැතුවත් ඇති.හැබැයි ඒ ෆිල්ම් එකට අදාල photo එකක් සහ memes ගොඩක් වෙලාවට සමාජ මාධ්‍යාලාවල භාවිතා වෙනවා.මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරන්නේ Mary Harron කියන අධ්‍යක්ෂකවරියයි.අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ගැහැණු කෙනෙක් උනත් මේක අනිත් serial killer ෆිල්ම් එක්ක බලද්දි දෙවෙනි වෙන්නේ නම් නැහැ.ඒ වගේම තමයි මේ ෆිල්ම් එකට imdb 7.6ක දැවැන්ත අගයක් හිමිවෙලා තියෙනවා.හරි ඉතින් වැඩි කතා නැතුව ෆිල්ම් එක ගැන පොඩි හැඳින්වීමක් කරලා ඉන්නම්කො වෙනද වගේම.
එක්තරා ධනවත් තරුණයෙක් ඉන්නවා තමන්ගේ ජීවිතය ගැන ගොඩාක් සැලකිලිමත් වෙන.මේ තරුණයා ස්නානයේදී පවා සෑහෙන්න තරම් ආලේපන භාවිතා කරනවා තමන්ගේ රූපය ගැන හිතලා.නමුත් මෙයාගේ හිත ඊට හාත්පසින්ම වෙනස් පැත්තක් තමයි නිරූපණය කරන්නේ.මෙයාගේ රැකියාව වගේ සෑම දේම සාර්ථකව කරගෙන ගියත් ඔහුගේ මිත්‍රයන් සහ ව්‍යාපාර හවුල්කාරයන්ගේ සමහර වැඩ ගැන මේ තරුණයා සෑහෙන්න තරම් ඊර්ෂ්‍යාවකින් තමයි පෙලෙන්නේ.අවසානයේ මේ ඊර්ෂ්‍යාව කුරිරු පළිගැනීමක් දක්වා දිවයනවා.මේකට ඇත්තටම බලපෑවේ මොකක්ද? මෙයා මිතුරන්ට ව්‍යාපාර හවුල්කාරයන්ට ඇත්තටම කරන්නේ මොකක්ද?ඒ ගැන දැනගන්නනම් ඔයාල මේ ෆිල්ම් එක බලන්නම වෙනව.