Indra

in Steem Sri Lanka15 hours ago

1000064169.jpg
source

ඉතින් අද ලියන්න අරගෙන ආවේ මේ අවුරුද්දේ අලුතෙන්ම released වුන දාන ඝාතක අමුතුම විදිය කතාවක් තියෙන ෆිල්ම් එකක්.පටන් ගත්ත වෙලාවෙ ඉඳන් කිසිම කම්මැලිකමක් නැතුව එන්න එන්න වැඩිවෙන කුතුහලයෙන් බලන්න පුළුවන් 2025 ආපු මේ ෆිල්ම් එකට imdb 7.1ක අගයක් හිමි වෙලා තියෙනවා.පැය දෙකකට ආසන්න කාලයක් දිව යන මේ ෆිල්ම් එක crime , action සහ thriller කියන කාණ්ඩ කිහිපයටම යටත් වෙනවා.හරි ඉතින් වැඩි කතා නැතුව බලමු ෆිල්ම් එකේ කතාව මොන වගේද කියලා.

ඔන්න දවසක් පොලිසියට බස් එකක තිබිලා මළ සිරුරකින් වෙන් කරපු අතක කොටසක් හම්බවෙනවා.ඉතින් පොලිසියට අත හැරෙන්න මළ සිරුරේ අනිත් කොටස හම්බවෙන්නේ සිනමාශාලාවක වැසිකිළියකින්.මිනීමරුවක් කවුද මිනීමරුව මෙහෙම දෙයක් කලේ ඇයි කියන්නේ කිසිම හෝඩුවාවක් පොලිසියට හොයාගන්න හම්බ වෙන්නේ නැහැ.කොහොම හරි ගාතකයා මිනීවරුව කරලා ඉවර වෙලා තමයි අත වෙන්කරලා තියෙන්නේ.වැඩි දවසක් යන්න කලින් තවත් ගැහැණු ළමයෙක් මේ විදියටම ඝාතනය කරලා තියෙනවා.ඒකෙත් මළ සිරුරයි අතයි හම්බවෙන්නේ වෙන වෙනම තැන්වලින්.මරණ පරීක්ෂණය හරහා තහවුරු වෙනවා මේ මිනීමරුම් දෙකම කරලා තියෙන්නේ එකම ඝාතකයෙක් කියලා.ඉතින් මේක තාම ඝාතකයෙක් වැඩක් කියලා පොලිසියට තේරෙනවා.ඔහු මේ දේ කරන්නේ ඔහුට අවධානය ගන්න කියලත් පොලිසියට හොඳින් වැටහෙනවා.ඉතින් මේ ඝාතකයා මේ මිනීවරුන් දෙකෙන් නවතින්නෙ නැහැ තවත් ඝාතන කිහිපයක්ම සිදු කරනව.නමුත් එක මිනීමැරුමකදී මේ ඝාතකයට පොඩි අත්වැරදීමක් සිදුවෙනවා.ඉතින් ඒ මොකක්ද මීට අමතරව තවත් අභිරහස් ඝාතනයක් ගැන මේ කතාවේ සඳහන් වෙනවා.ඒ නිසාම තමයි කතාව ටිකක් වෙනස් වෙන්නේ.ඉතින් ඒ මොකක්ද කියලා දැනගන්න වගේම කතාවේ හොඳම රස වින්දනය ලබා ගන්න ෆිල්ම් එක බලන්නම වෙනවා.