Janaawar

in Steem Sri Lanka2 days ago

1000065603.jpg
source

ඉතින් කොහොමද ඔයාලට පරිස්සමෙන් ඇති කියලා හිතනවා.අද අරගෙන ආවේ අලුතෙන්ම මේ අවුරුද්දේ ආපු හින්දි web series එකක්.දාම ඝාතක, මිනීමැරුම්, අද්භූත අභිරහස් කියන කාණ්ඩ කිහිපයටම අයත් වෙන මේ කතා මාලාවට මේ වෙනකොටත් imdb 8.9ක දැවැන්ත අගයක් හිමි වෙලා තිබෙනවා.පටන් ගත්ත වෙලාවෙ ඉඳන් වැඩි වෙන කුතුහලයම බලන්න පුළුවන් සුපිරි කතා මාලාවක් තමයි මේක.හිතාගන්නවත් බැරි විදිහ අවසානයක් එක්කම සෑහෙන දරුණු කතාවක් තමයි මේකෙ තියෙන්නේ.හරි මුලින්ම කතා මාලාව ගැන පොඩි අදහසක් දීලා ඉන්නම්කෝ.

දවසක් පොලිසියට කැලෑ ඇතුළෙ තිබිලා කුණු වෙච්ච මළ සිරුරක්හම්බවෙනවා.බැලූ බැල්මට පොලිසියට තේරෙනවා මේක ඝාතනයක් කියලා මොකද මළ සිරුරේ කියලා කපල තමයි ජීවිතය නැති කරලා තියෙන්නේ.මේ වෙනකොටත් මළ සිරුර ගොඩක් විකෘති වෙලා නිසා ඝාතනයට ලක්වුන කෙනාගේ අනන්‍යතාවය හොයාගන්නත් පොලිසියට ලේසි වෙන්නේ නැහැ.ඉතින් කොහොම හරි මේ විමර්ශනය බාර වෙන්නේ SI කුමාරට.මේ මිනීමැරුම ගැන දැනගත්ත ගමේ මිනිස්සු මේක වටේට වට වුණත් පොලිසිය මුලින්ම කරන්නේ ඒ කට්ටියව ඈත් කරන එක.ඊට පස්සේ පොලිසි විමර්ශන කටයුතු ආරම්භ කරත් SI කුමාර දකින දෙයින් ඔහු ගොඩක් පුදුමයට පත්වෙනවා.ටිකකට කලින් විකෘති උනත් තිබුන මළ සිරුරේ හිස දැන් වෙනකොට නැති වෙලා තියෙනවා.ඉතින් පොලිසිය පුලුල් විමර්ශනයක් කැලෑව පුරා සිදුකරනවා.ඉතින් පොලිසියට මේ ඇත්තම මිනීමරුව හොයාගන්න පුළුවන් වෙයිද? මේ මිනීමැරුමට හේතුව මොකක්ද?මේ ඔක්කොටම උත්තර දැනගන්න ඔයාට මේ කතා මාලාව බලන්නම වෙනවා.