Mystic River
ඔන්න ඉතින් කාලෙකට පස්සේ අරගෙන ආවා ඔස්කාර් සම්මාන වලට නිර්දේශ වීම් වලට පමණක් සීමා නොවූ ඔස්කාර් සම්මාන දෙකක් ඇතුළු සම්මාන පනහකට අධික සංඛ්‍යාවකට හිමිකම් කිව්ව සුපිරි හොලිවුඩ් ෆිල්ම් එකක්.ඉතින් මේකත් ටිකක් පරණ ෆිල්ම් එකක්.2003 නිකුත් වුණු මේ ෆිල්ම් එකේ අධ්‍යක්ෂවරයා ඔයත් ගොඩක් අඳුනන නළුවෙක්.ඔහු නමින් Clint Eastwood මහතා.රඟපෑමට පමණක් කොටු නොවුනු මොහු ජනප්‍රිය වගේම විශිෂ්ට චිත්‍රපට කිහිපයකටම තම අධ්‍යක්ෂණයෙන් දායක වෙලා තියෙනවා.The Mule ඒ අතරින් මම බලපු සුපිරි ෆිල්ම් එකක්.Crime, Thriller, Mystery සහ Suspense Thriller කියන කාණ්ඩ කීපයටම අයත් වෙන මේ ෆිල්ම් එකේ රඟපාන ප්‍රධාන චරිත දෙකට 2010 ඔස්කාර් සම්මාන උළෙලේදී හොඳම නළුවාට සහ හොඳම සහාය නළුවාට හිමි සම්මාන දෙකම හිමිවෙනවා.
අද නම් මට මේ ෆිල්ම් එකේ වෙන්නේ මොකක්ද කියලා කියන්න ඇත්තටම හිතෙන්නේ නැහැ.මොකද මේක ඔයාලා බලලම රස විඳින්න ඕන ෆිල්ම් එකක්.පොඩිම පොඩි ඉඟියක් දෙන්නම්.මිනීමරුමක් සම්බන්ධධ වුණු අභිරහස් චිත්‍රපටයක් තමයි මේක.මිනීමැරුම් විමර්ශනයන් පාදක කරගෙන ගොඩනැගුණු ෆිල්ම් බලන්න ආස අයට කුතුහලය උපරිමේ තියාගෙන රස විඳින්න පුළුවන් ෆිල්ම් එකක් තමයි මේක.Imdb chart එකේ ලක්ෂ පහකට එහා ගියපු ප්‍රේක්ෂක ප්‍රතිචාර අතරින් 7.9ක දැවැන්ත අගයක් හිමි කරගන්න මේ ෆිල්ම් එක සමත් වෙලා තියෙනවා.Sean Penn, Tim Robbins , Marcia Gay harden , Kecin Bacon , Emmy Rosum කියන නළුවන් ප්‍රධාන චරිත වලට දායක වෙලා තියෙනවා.ඉතින් පරණ හොලිවුඩ් ෆිල්ම් වලට ආස අයට කුතුහලය උපරිමෙන් තියාගෙන බලන්න පුලුවන් ලස්සන ෆිල්ම් එකක් තමයි මේක.