Noice
අද අරගෙන ආවේ Korean Horror ෆිල්ම් එකක්.ටික කාලෙකට පස්සේ තමයි හොල්මන් ෆිල්ම් එකක් බලන්න පුළුවන් උනේ.වැඩිය කැමැත්තක් නැති උනත් යාළුවගේ බල කිරීම නිසාම බලන්න වුන ෆිල්ම් එකක් තමයි මේක.අමුතුම විදියෙ කතාවක් තියෙන උපරිම කුතුහලයෙන් බලන්න පුළුවන් , 2024 ආපු මේ ෆිල්ම් එකට imdb 5.9ක අගයකුත් හිමිවෙලා වෙලා තියෙනවා.ඒ වගේම තමයි මේ ෆිල්ම් එක hooror , Thriller කියන කාණ්ඩ දෙකටම අයත් වෙනවා.හරි ඉතින් වෙනද වගේම බලමු ෆිල්ම් එකේ කතාව පටන් ගන්නේ මොන වගේද කියල.
යූයුං කියන්නේ තනියම apartment එකක ජීවත්වෙන තරුණ ගැහැණු ළමයෙක්. නමුත් ඇයට ටික කාලෙකට කලින් වුන හදිසි අනතුරක් නිසා සම්පූර්ණයෙන්ම කන් ඇහෙන්නෙ නැහැ.ඒ නිසා ඇය ශ්‍රවන ආධාර භාවිතයෙන් තමයි ජීවත් වෙන්නේ.යූ යුන් දැන් තනියම ජීවත් උනාට ඇය කලින් ඉඳලා තියෙන්නේ තනියම නෙවෙයි ඇයට නංගි කෙනෙක් ඉඳලා තියෙනවා, ජී හූ කියලා.නමුත් ජූහී එකපාරට අතුරුදහන් වෙලා තියෙනවා පොලිසියටවත් ඇය ගැන කිසිදු තොරතුරක් හොයාගන්න හම්බවෙලා නැහැ.ජූහි අතුරුදහන් වෙන්න කලින් ඇයට මේ apartmemt එක එක අබිරහස් සද්ද කටහඬවල් ඇහිලා තියෙනවා.නමුත් ඒ සියල්ල ඇහිල තියෙන්නෙ ජූහිට පමණයි.ශ්‍රවනාධාර පැලදල හිටියත් යූ යුන්ට මේ කිසිම ශබ්දයක් ඇහිල නෑ.ජූහි සෑහෙන්න උත්සාහයක් ගත්තත් මේවා ඇහෙන්නේ කොහෙද කියලා හොයාගන්න, අන්තිමට ඇයත් අභිරහස් ලෙස අතුරුදහන් වෙලා තියෙනවා.යූයුම් විසින් ජී හූට වුනේ මොකක්ද කියලා හොයන්න උත්සාහ ගත්තත් මේ වෙලාවේ තවත් අද්භූත දෙයක් සිදුවෙන්නේ කලින් ජූහීට විතරක් ඇහුන සද්ද දැන් යූ යුන්ටත් ඇහෙන්න පටන් ගන්නව.ඇයට හිතාගන්න බෑ මේවා ඇහෙන්නේ කොහෙන්ද මේ කටහඩවල් කාගෙද කියලා?ජූහිගේ අතුරුදහන්වීමට මේ කටහඬේ තියෙන සම්බන්ධය මොකක්ද? ඇත්තටම යූයුන්ට ජූහීව හොයාගන්න පුළුවන් වෙයිද? ඒ ගැන දැනගන්න නම් ඔයාට මේ ෆිල්ම් එක බලන්න වෙනවා.