Red Dragon

in Steem Sri Lankalast month

1000012772.jpg
source

කවුරු හරි මගෙන් ඇහුවොත් hollywood සිනමාවේ හොඳ චිත්‍රපට බිහිවෙන්නෙ දැන්ද නැත්නම් කලින්ද කියල.මගේ පිළිතුර නම් කලින් බිහිවුනු චිත්‍රපට කියන එක.ඇත්තටම ඒ ෆිල්ම් වල රසය, ඒවල ගැඹුරු අර්ථය මට දැන් ෆිල්ම් වලින් ඒ තරම්ම දැනෙන්නේ නෑ.ඉතින් අදත් අරගෙන ආවේ මම බලපු ලස්සනම hollywood ෆිල්ම් එකක්.මේ ෆිල්ම් එක released වුනේ 2002 වර්ශයේදීයි.crime , thriller, serial killer කියන category කීපයටම අයත් වන මේ ෆිල්ම් එකට imdb 7.2ක ඉතා ඉහළ අගයක් හිමිවෙලා තියෙනවා.මේ ෆිල්ම් එකේ අධ්‍යක්ෂණය ගැන කතා කරොත් තවත් මේ වගේම විශිෂ්ට නිර්මාණ කිහිපයකට අධ්‍යක්ෂණයෙන් දායක වූ අධ්‍යක්ෂවරයෙක් තමයි මේ ෆිල්ම් එකත් අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ.Money talk , Hercules ඔහු විසින් අධ්‍යක්ෂණය කරන ලද ෆිල්ම් කීපයක්.ඉතින් කොහොම හරි වෙනද වගේම මේ ෆිල්ම් එක ගැන පොඩි අදහසක් අරගමු.වැඩිය කියන්න යන්නේ නෑ මොකද එතකොට ෆිල්ම් එකේ තියෙන රසය අඩු වෙන නිසා.

විල් කියන්නේ FBI ආයතනයේ කාලයක් වැඩ කරපු දක්ෂ අපරාධ පරීක්ෂකවරයෙක්.ඒත් විල් රාජකාරී කාලයේ මුහුණ දෙන සිදුවීමකට පස්සේ අඩු වයසින් තම රාජකාරියෙන් විශ්‍රාම ගන්නවා.ඉතින් දවසක් ඔහුගේ බොස් ජැක් රොෆ් එනව සිදුවූ අපරාධධ දෙකකට විල්ගෙන් උදව් ලබාගන්න.මේ වෙලාවේ බොස්ගේ ඉල්ලීම අහක දාන්න බැරි නිසා විල් කැමති වෙනවා මේ අපරාධ දෙක විසඳන්න තමන්ගේ උදව් ලබාදෙන්න.වැඩේ කරගෙන යද්දි තමයි විල්ට තේරෙන්නේ මේ වැඩේට උදව් ගන්න පුළුවන් කෙනෙක් තමන් ළඟම ඉන්නවා කියලා.විල් දන්න ළඟම කෙනා එයාගේ හතුරයි.හතුරෙක්ගෙන් උදව් ගන්න එක අපිට හිතන්න අමාරු වුනාට විල් එහෙම හිතන්නෙ නෑ.ඒ අනුව විල් තමන්ගේ හතුරා සොයාගෙන එනව උදව් ලබාගන්න.ඉතින් ඔයා මොකද හිතන්නේ හිතන්නේ විල්ට උදව් ලබාගන්න පුළුවන් වෙයිද ඔහුගෙන්?ඇත්තම අපරාධකාරයා විල්ට හොයාගන්න පුළුවන් වෙයිද ? ඒ ගැන දැනගන්න ඔයාට මේ සුපිරිම ෆිල්ම් එක බලන්න වෙනවා.