RONIN
ඉතින් ඔයාලා පිළිගන්නවා වගේම hollywood සිනමාවේ අමුතුම විධියෙ වගේම වර්තමානයේ තියා අනාගතේවත් හැදී කියලා හිතන්න බැරි සුපිරි ෆිල්ම් බිහිවෙලා තියෙනවා.ඒ අධ්යක්ෂකවරු වගේම රංගනයෙන් දායක වුණු නළු නිළියනුත් පුදුම විදියේ කැපකිරීමක් දක්ෂකමක් තියෙන පුද්ගලයින්.අද අරගෙන ආවෙත් ඒ විදිය ලස්සන ෆිල්ම් එකක්.කාර් රේස් වලට ආස අයටත් ගැලපෙන විදියේ ලෝක ප්රසිද්ධ Fast & the Furious කතා මාලාවේ කාර් රේස් වලට නොදෙවෙනි scens කීපයක්ම මේ ෆිල්ම් එකෙත් බලාගන්න පුළුවන්.හොලිවුඩ් සිනමාවේ චිත්රපට 120ක් පමණ රංගනයෙන් දායක වුණු legendary actor Robert De Niro ගෙ ෆිල්ම් කිව්වම ආයෙත් තව කතා ඕන නැහැනේ.
ඔහු රංගනයෙන් දායක වුණු ෆිල්ම් කීපයක් ගැන මම කලින් article පවා ලියලා තියෙනවා.Goodfellas , Kasino ඒ අතරින් කිහිපයක්.1998දි නිකුත් වුණු Ronin කියන මේ ෆිල්ම් එකත් තනිකරම Super Hit එකක්.මේවත් කලින් ෆිල්ම් වලට දෙවෙනි වෙන්න නම් නැහැ.රොනින් කියල හඳුන්වන්නේ සමුරායි රණශූරයෙක් ගැනයි.ඔහුට කිසිම ගුරුවරයෙක් හෝ නායකයෙක් නැහැ.ඒ නිසාම ඔහු හඳුන්වන්නේ අසහාය රණශූරයෙක් ලෙස.John Frankenheimer තමයි මේ ෆිල්ම් එක අධ්යක්ෂණය කරලා තියෙන්නේ.ඒ වගේම ලක්ෂ 2ට එහා ගියපු ප්රේක්ෂක ප්රතිචාර අතරින් imdb 7.2ක ඉහල අගයක් ලබා ගන්නත් මේ ෆිල්ම් එක සමත් වෙලා තියෙනවා.Crime, Thriller, Heist කියන කාණ්ඩ කීපයටම අයත් වෙන මේ ෆිල්ම් එක ප්රධාන චරිත කීපයකින්ම හැඩ ගැන්වෙනවා.අද ෆිල්ම් එක ගැන හැඳින්වීමක් නොකර ඉන්න හිතුවා.මොකද මේක බලලම ඒ ෆීලින් එක ගන්න එක හොඳයි.ඉතින් ඔයාලත් බලල තියෙනවනම් හරි බලලා ඉවර වෙලාහරි ඔයාලගේ අදහසත් ලියන් යන්න.