The Darkness

in Steem Sri Lanka17 hours ago

1000061181.jpg

source

ඉතින් ඔයාලා හැමෝම පරිස්සමෙන් ඇති කියලා හිතනවා. අද ලියන්න අරගෙන ආවේ අමුතුම විදියේ කතාවක් තියෙන අමුතුම අවසානයක් තියෙන ත්‍රාස්‍යජනක horror mystery ෆිල්ම් එකක්.සත්‍ය කතාවක් ඇසුරින් පදනම් කරගත් ෆිල්ම් එකක් විදියට තමයි මේක හඳුන්වලා තියෙන්නේ නම්.කොහොම හරි 2016 වර්ෂය නිකුත් වෙච්ච මේ ෆිල්ම් එකට Imdb දර්ශකයේ 4.5ක අගයක් තමයි හිමි වෙලා තියෙන්නේ.

ඔන්න එක පවුලක් ඉන්නවා. මේ පවුලේ ඉන්නේ අම්මයි, තාත්තයි ,පුතයි, දුවයි.ඉතින් මේ පවුලේ පුතාගේ නම තමයි මයික්.මයික් ඔඩිසම් රෝගී තත්ත්වයෙන් පෙලෙනවා.ඉතින් දවසක් මේ පවුල විනෝද චාරිකාවක් යනවා.ඉතින් මේ මයික් අවට බල බල යද්දී එක පාරටම පහළකට වැටෙනවා , නමුත් මයික්ට තුවාලයක් වෙන්නේ නැහැ.ඒත් මයික් මෙතනදි දකිනවා මෙයා වැටිලා තියෙන්නේ හංගලා වගේ තියෙන ගුහාවක් ඇතුලට කියලා.මෙතන සෑහෙන්න අමුතුයි ඒ වගේම අද්භූතයි මයික් අවට පොඩ්ඩක් පරීක්ෂා කරලා බලනවා.ඉතින් මෙතනදි මයික් එකක් නෑ එක එක විදියෙක් චිත්‍ර තියනවා ඒ වගේම අමුතුම විදියේ සලකුණු තියෙන ගල් කැට පහක් තියෙනවා.ඉතින් මයික් කියන්නෙ ටිකක් අමුතු ළමයෙක්නේ.ඒ නිසාම මයික් මේ ගල්කැට පහ කාටවත් කියන්නේ නැතුව හොරෙන්ම අරගන්නවා අරගෙන එයාගේ බෑග් එකේ දාගන්නවා.ඉතින් මේ කට්ටිය විනෝද චාරිකව අවසන් කරලා එනවා ගෙදර.ඔන්න මෙතනින් පස්සේ තමයි අද්භූත දේවල් මේ ගෙදර ඇතුලේ වෙන්න පටන් ගන්නේ. කිසිම තේරුමක් නැතුව මේ ගෙදර ඇතුලෙ එක එක ගඳවල් එක එක සද්ද ඇහෙන්න පටන් පටන් ගන්නවා. මේ ඔක්කොම වෙන්නේ මයික් අරගෙන ආපු අර අමුතු විදිය ගල් කැට පහ නිසා.නමුත් ඉතින් මයික්ගෙ පවුලේ කට්ටිය දන්නෙ නෑනේ මයික් මෙහෙම අමුතු ගල් කැට පහක් අරන් ආවා කියලා. ඉතින් එදා රාත්‍රියේ ඉතාමත් අද්භූත දෙයක් සිද්ධ වෙනවා, කාටවත් හිතාගන්න බැරි දෙයක්.ඉතින් ඇත්තට මේ මොකක්ද මේ පවුලේ කට්ටියට මොන වගේ දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවද කියලා දැනගන්නනම් ඔයාට මේ ලස්සන ෆිල්ම් එක බලන්නම වෙනවා.