The Departed

in Steem Sri Lankalast month

1000027892.jpg
source

ඉතිං ගොඩක් වෙලාවට ඔයාලත් මාත් එක්ක එකඟ වෙනවා ඇති ඒ කාලේ ආපු hollywood films ඇත්තෙන්ම ඉතා හොඳ තත්ත්වය තිබුණ ඒවා.ඒ කාලේ තාක්ෂණය ඒ තරම් දියුණු නැති උනත් ඒ ෆිල්ම් වල තිබ්බ script නම් තනිකරම next level. ඒවගේම ඒ ෆිල්ම් වල අධ්‍යක්ෂණයත් ඉතා හොඳ තත්ත්වයේ තිබිලා තියෙනවා.ඉතින් මම අදත් අරගෙන ආවේ විශිෂ්ටත්වයෙනුත් එහා ගිය super hit hollywood ෆිල්ම් එකක්.මේ ෆිල්ම් එකේ අධ්‍යක්ෂවරයාත් එසේ මෙසේ කෙනෙක් නෙවෙයි ඒ තමයි හොලිවුඩ් සිනමාවේ වෙනම බ්‍රෑන්ඩ් එකක් වෙච්ච Martin Scorsese.Casino, Goodfellas, Shutter Island, The irishman කියන්නේ මේ අධ්‍යක්ෂකවරයා විසින් අධ්‍යක්ෂණය කරන ලද සුපිරිම ෆිල්ම් වලින් කීපයක් විතරයි.අද මම අරගෙන ආවේ 2006 වර්ෂයේ නිකුත් වුන The Departed කියන movie එක.

The Deparetd ෆිල්ම් එක Imdb chart එකේ 8.5ක න්දැවැන්ත අගයක් ලබාගෙන තියෙන්නේ ලක්ශ 15ට එහා ගියපු ප්‍රේක්ෂක ප්‍රතිචාරවලිනුයි.ඒ වගේම තමයි ලෝකයේ හොඳම චිත්‍රපට ලයිස්තුව අතරින් 38 වෙනි ස්ථානය ලබාගන්නත් මේ ෆිල්ම් එක සමත් වෙලා තියෙනවා.මේ ෆිල්ම් එක එසේ මෙසේ ෆිල්ම් එකක් වෙන්නැත්තෙ ඔස්කාර් සම්මාන 4ක් සහ විවිධ සම්මාන උළෙලවල් වල නිර්දේශ වීම් 145ක්ද සමග සම්මාන සියයක් ලබා ගැනීමත් නිසා.Crime, Thriller , Gangster සහ Epic කියන කාණ්ඩ කිහිපයටම අයත් වෙන මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වෙන්නේ අපි හැමෝම හඳුනන Learnardo Dicaprio විසින්.අද කතාව ගැන කිසිම පැහැදිලි කිරීමක් කරන්න යන්නේ නැහැ, එක පොඩි දෙයක් කියන්නම්. මේ අධ්‍යක්ෂවරයාගේ ෆිල්ම් වල අවසානය ගොඩක් වෙලාවට කුතුහලයකින් තමයි ඉවර වෙන්නේ.හැබැයි මේ ෆිල්ම් එකේ අවසානයට ඔයා කුතුහලයෙනුත් කුතුහලයට හෙලනවා කිව්වොත් මම නිවැරදියි.

Sort:  

Congratulations!
This post has been curated by
Team #5

@mikitaly