The English Patient

The English Patient' චිත්‍රපටය කියන්නේ ලෝක සිනමාවේ තියෙන ආදර කතා අතරින් විශේෂ තැනක් ගන්න චිත්‍රපටයක්. මේක බලන කෙනෙකුට ආදරය කියන්නේ මොකක්ද කියලා ලස්සනට තේරුම් ගන්න පුළුවන්.චිත්‍රපටයේ කතාව කොටස් දෙකකට කැඩෙනවා.මේ චිත්‍රපටය 1997 දී ඔස්කාර් සම්මාන 9ක් දිනා ගත්තා. (හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය ඇතුළු) .
ෆිල්ම් එකේ පළවෙනි කොටස, දෙවන ලෝක යුද්ධය අතරතුර ඉතාලියේ ඉන්න හනා කියන හෙදියක් වටා ගෙතුණු කතාව. ඇය යුද්ධයෙන් තුවාල වුණ අභිරහස් මිනිසෙක්ව බලාගන්නවා. ඔහුගේ ශරීරය පුළුස්සා දමා තියෙන නිසා කවුරුත් ඔහුව හඳුන්වන්නේ 'ඉංග්‍රීසි රෝගියා' (The English Patient) කියලා. ඔහුගේ අතේ තියෙන පොතක් නිසා ඔහුට අතීතය මතක් වෙනවා.
ඒ වගේම තමයි ෆිල්ම් එකේ දෙවැනි කොටස, මේ ඉංග්‍රීසි රෝගියාගේ අතීතකතාව. ඔහු හංගේරියානු සිතියම් ශිල්පියෙක්, නම කවුන්ට් ඇල්මාසි (Count Almásy). උතුරු අප්‍රිකාවේ කාන්තාරයේ සිතියම් අඳින අතරේ ඔහු විවාහක කාන්තාවක් වන කැතරින් ක්ලිෆ්ටන් (Katharine Clifton) එක්ක ප්‍රේම සම්බන්ධයක් පටන් ගන්නවා. මේ ආදර කතාව තමයි චිත්‍රපටයේ ප්‍රධානම කොටස.
චිත්‍රපටය පුරාවටම මේ කතා දෙකම එකිනෙකට සම්බන්ධ කරලා තියෙන්නේ හරිම කලාත්මක විදිහට. මේක සරල ආදර කතාවක් නෙවෙයි, ඊට එහා ගිය දෙයක්. ආදරය, ද්‍රෝහිකම, පසුතැවීම, සමාව දීම වගේම යුද්ධයකදී මිනිස්සුන්ට සිදුවන ඛේදනීය තත්ත්වයන් මේ චිත්‍රපටයෙන් පෙන්නනවා.රාල්ෆ් ෆයින්ස් (Ralph Fiennes) ඇල්මාසිගේ චරිතයට සහ ක්‍රිස්ටින් ස්කොට් තෝමස් (Kristin Scott Thomas) කැතරින්ගේ චරිතයට දක්වන රංගනය හරිම විශිෂ්ටයි. ඒ දෙන්නා අතර තියෙන ආදරය, වේදනාව සහ ආශාව ඔවුන්ගේ ඇස්වලින්ම පෙන්නනවා. හැමෝගෙම හදවත් ස්පර්ශ කරන රංගනයක් ඔවුන්ගෙන් බලාගන්න පුළුවන්. ඒ වගේම හනාගේ චරිතයට පණ දෙන (Juliette Binoche) චිත්‍රපටයේ ආත්මය වගේ. ඇගේ චරිතය සිනමා පටයට ලොකු සංවේදී බවක් එක් කරනවා.ඉතින් ඔයාලත් බලල නැත්නම් බලල ඔයාලගේ අදහසත් කියන්න.