The Forest

in Steem Sri Lankalast month

1000047149.jpg
source

මගේ හොඳම යාළුවෙක් ඉන්නවා එයා බලන්න කැමතිම Horror films විතරයි.නමුත් මම ඒකෙ අනිත් පැත්ත.මම ගොඩක් වෙලාවට Horror films බලන්නේ නැහැ.ඇත්තටම බලන්නේ නැති තරම්.බැලුවොත් බලන්නේ මේ යාළුවත් එක්ක ෆිල්ම් එකක් බැලුවොත් තමයි.ඉතින් එයාව අම්බුනාම කොහොම හරි මාව කැමති කරගන්නවා හොල්මන් ෆිල්ම් එකක් බලන්න.ඉතින් එහෙම බලපු ෆිල්ම් එකක් ගැන තමයි අද ලියන්න යන්නේ.මේක මම කාලෙකට කලින් බලපු ෆිල්ම් එකක්.ඒ වගේම තමයි මේ ෆිල්ම් එක නිකුත් වෙලා තියෙන්නේ 2016 වර්ශයේදී.ඉතින් horror, mystery කියන කාණ්ඩ දෙකට අයත් වෙන මේ ෆිල්ම් එකට එතරම් හොඳ imdb අගයක් හිමි වෙලා නම් නැහැ.මේ ෆිල්ම් එකට තියෙන්නේ imdb 4.8ක අගයක්.හරි ඉතින් එහෙමයි කියලා ෆිල්ම් එක හොඳ නැහැ කියන්නත් බැහැ.ඉතින් ෆිල්ම් එක ගැන පොඩ්ඩක් කියලා ඉන්නම්කෝ.

සාරා සහ ජෙස් කියන්නේ සර්ව සම නිවුන් සහෝදරියන් දෙදෙනෙක්.සාර තමයි අක්කා ජෙස් තමයි නංගී.කොහොම හරි මේ දෙන්නා දැනට ජීවත් වෙන්නේ නම් එකට නෙමේ.ජෙස් ජීවත් වෙන්නේ ජපානේ.එයා ජපානයේ ගුරුවරියක් විදියට සේවය කරනවා.නමුත් ළඟදි දවසක ඉදන් ජෙස්ගෙන් කිසිම ආරංචියක් නොතිබුණ නිසා සාරයි ඉන්නේ ගොඩක් කලබලයෙන් මොකද ජෙස්ගේ දුරකථනය වැඩ කරන්නෙත් නැහැ.මේ අතරේ සාරට ආරංචියක් එනවා ජපානේ තියෙන අද්භූත වනාන්තරයකට ගිහිල්ලා ජෙස් ජීවිතේ නැති කරගෙන කියලා.නමුත් සාරමික විශ්වාස කරන්නේ නැහැ මොකද කතාවක් තියෙනවනේ නිවුන්නුන්ගෙන් කෙනෙක්ට කරදරයක් වෙනවනම් අනෙත් කෙනාට දැනෙනවා කියලා.ඒ නිසාම සාර යනවා මේ අද්භූත වනාන්තරයට ජෙස්ට මොකක්ද උනේ කියලා බලන්න.ඒවගේම තමයි මිනිස්සු ගොඩක් විශ්වාස කරනවා මේ වනාන්තරය ඇතුලේ සියදිවි නසාගත්ත කට්ටියගෙ ආත්ම සැරි සරනවා කියලා.ඉතින් සාරට තමන්ගේ නංගිව හොයාගන්න පුළුවන් වෙයිද? ඇත්තටම ජෙස් තාම ජීවත් වෙනවද? ඒ ගැන දැනගන්න නම් ඔයාට මේ සුපිරි ෆිල්ම් එක බලන්න වෙනවා.

Sort:  

Thank you for sharing on steem! I'm witness fuli, and I've given you a free upvote. If you'd like to support me, please consider voting at https://steemitwallet.com/~witnesses 🌟