The Other Side Of The Door
අද ලියන්න යන්නෙත් horror ෆිල්ම් එකක්.ඇත්තටම මං මේ ෆිල්ම් එක බලන්න හේතුව මේ ෆිල්ම් එකේ Main character එකට ඉන්න actress මරියා නිසා.මොකද මම ආසාවෙන්ම බලපු Tv series එකක් වෙච්ච Prison Break එකේ හිටපු නිළියක් තමයි මේකෙ ඉන්නෙ.හරි ඉතින් මේ ෆිල්ම් එක 2016 ආපු එකක්.ඒ වගේම Horror , Suspense කියන කාණ්ඩ වලට යටත් වෙන මේ ෆිල්ම් එකට Imdb 5.3ක අගයක් ලැබිල තියෙනවා.හරි ඉතින් මේකත් අතිශය භයානක, කුතුහලය පිරුණු අමුතුම විදියේ ෆිල්ම් එකක්. මං වෙනද වගේ මුලින්ම ෆිල්ම් එක ගැන පොඩි අදහසක් දෙන්නම්කෝ.
පවුලක් ඉන්නවා මේකේ ඉන්නේ අම්මයි තාත්තයි පුතයි දුවයි.නමුත් කාලෙකට කලින් සිදුවුණු අනතුරක් නිසා මෙයාලගේ පුතා මිය යනවා.ඒ නිසා මෙයාලගේ අම්මා වෙච්ච මරිය ඉන්නේ සෑහෙන තරම් දුකින්.මොකද මරියගේ අතින් වුන හදිසි අනතුර නිසා තමයි පුතා මියගිහින් තියෙන්නේත්. මරියට තාමත් යථා තත්ත්වයට පත්වෙන්න බැහැ එයාට පුතා මතක් වෙනවා රෑට නින්ද යන්නේ නෑ.එක එක භයානක හීන පේනවා.මෙන්න මේ නිසාම මරියා එකපාරක් ජීවිතේ නැති කරගන්නත් උත්සාහ කරනවා.නමුත් පවුලේ අය බොහොම අමාරුවෙන් මරියව බේරගන්නවා.ඉතින් මේ මරියා විදින දුක වේදනාව එයාලගේ ගෙදර වැඩ කරන ඉන්දියානු කාන්තාවක් වෙන පද්ම හොඳින්ම දකිනවා.ඉතින් දවසක් පද්මා මරියා තනියම ඉන්න වෙලාවක ඇවිල්ල ඇයගේ නැති උන පුතා එක්ක, ඇත්තටම කිව්වොත් පුතාගේ ආත්මයත් එක්ක කතා කරන්න පුළුවන් පරණ පන්සලක් ගැන එයා කියනවා.නමුත් ඒ පරණ පන්සලට ගිය පමණින් ඒක කරන්න බැහැ.ඒකට වෙනම පිළිවෙත් තියෙනවා. ඒ වගේම මොන දේ සිද්ධ වුනත් කඩන්න බැරි නීතියක් තියෙනවා.මරියා පිළිවෙත් ටික හරියට කරත් එයාට අර කඩන්න එපා කිව්ව නීතිය එයගෙ අතින් කැඩෙනව.ඊට පස්සේ මරියට මුහුණ දෙන්න වෙන්නේ නම් එච්චර හොඳ දේවල් වලට නෙමෙයි.ඉතින් මොකක්ද මේ නීතිය? මරියට එයාගේ පුතත් එක්ක කතා කරන්න ලැබේවිද? මේ ගැන දැනගන්න ඔයාට මේ සුපිරි ෆිල්ම් එක බලන්නම වෙනවා.