පහළොස් වියැති තරු කැටයට

in Steem Sri Lanka4 years ago (edited)

පාළොස්වක සඳ අහසට
නෑවිත් සිටි විට
ජීවය දුන් තිරිසනාට
අඹු වී දවසක

තැලී පෙලී කාසි සෙවූ
කළුවර විජිතෙක
ස්ව කැමැත්තෙන්ම
මාරු වෙමින් දෑතින් දෑතට

කුස ගිනි උහුලනු නොහැකිව
මල්ලිලාට කෑම සෙවූ
මගේ දුවේ නුඹේ සිහින්
සියුමැලි ගත රිදෙනවා ද

කුණු වී ඕජස් වැගිරෙන
ඔද්දල් වූ සමාජයට
ගොදුරු වීමටම පිබිදුණු
මල් පොහොට්ටු තව තියේ ද

istockphoto-517618615-612x612.jpg
source: istockphoto.com
--- චාම් ----

Sort:  

කුණු වී ඕජස් වැගිරෙන
ඔද්දල් වූ සමාජයට
ගොදුරු වීමටම පිබිදුණු
මල් පොහොට්ටු තව තියේ ද

හිතනවටත් වඩා සමාජය කුණුයි කියලා හිතුණේ ඒ සිද්ධිය ගැන සමහර මිනිස්සුන්ගෙ අදහස් දැකලා. 🤐🤐😥
හැමදාම වගේ ලස්සන ලියවිල්ලක්😥❤️

@prasadi(63);ඔව්.ඒ දවස්වල කන්න දෙයක් නැති නිසා අම්ම කරන රස්සාවට මං යන්නම් කියල ඒ පොඩි දැරිය ගිහින් සල්ලි ගෙනාවම ⁣ඉරිදට පොඩි උන්ට රෙස්ටුරන්ට් එකකින් රසට කන්න දුන්න කතාව කියෙව්වම පුදුම කම්පනයක් දැනුනෙ. 😥

මෙහෙම බෞද්ධ රටකද අපි ජීවත් වෙන්නෙ කියලා හිතෙනවා. මොන තරම් ලොකු අපරාධයක් ද ඒක.

ඒ සිදුවීම නම් හරිම කණගාටුදායකයි. ඒ වගේම හිතාගන්න බෑ අපේ රටට මොනව වෙලාද කියල. ඔබේ අදහස හරිම වටිනවා.❤️ හරිම ලස්සන පදවැලක්

@roshipeiris(62); වෙබ් එකෙන් ඒ කතාව කියෙව්වම පුදුම කම්පනයක් දැනුනෙ.😥

ඒක හරිම ලස්සනයි . හිතට වැදුනා.දිගටම ලියන්න

@ashen99(62); බොහොම ස්තුතියි.😊

me dawas wala ahannama laben sidumeew. harima duka hithenawa..

@janakee(57); අනේ ඔව්, තවත් දැරියො දෙ⁣න්නෙක්.එක්නෙනෙක්ව මරලා 😥😭