හිටිහැටියෙ උඩත් මල් පිපෙනවා
ඇවිස්සුනු කඩි ගුලක කඩියො වාගේ උදෙන් උස් පලංචිය දිගේ නගිනවා
මද්දහන වෙනතුරුම නොනැවතී එක දිගට සීරුවෙන් වයර් බ්‍රෂ් කරනවා
කකුල ලිස්සා යයි ද නොහිතාම නොතකාම දෙපාරක් ෆිලර් ගා කපනවා
මේ බිත්ති පලකවල රෝල බුරුසුවෙන් අපි ජීවිතේ පින්තාරු කරනවා
කොලම්වල බීම්වල මහත්තුරු ඉල්ලූ
මාස්ටර් පැලට් පාට ගානවා
වෛවර්ණයෙන් ඉබේ පින්තාරු වූ කමිස
හැමදාම නොවැරදී අඳිනවා
පුරුද්දට වගේ අපි හවස තුන වෙනකල්ම නොසැලීම කුසගින්න දරණවා
අද අඳුරු පාටට තිබුණාට අපේ පැල
ඔබ එන්න පෙර පාට කරණවා
දුර පෙනෙන වංගුවෙන් හදිසියේ මතුවුණේ ඔබම දැයි යලි හැරී බලනවා
ගෙවී ගිය ඉරිදාවෙ ණයට ගත් හාදුවේ
මතකය ද ඉමිහිරියි හිතෙනවා
මොකෝ බං තනියෙන්ම හිනාවෙන්නේ කියා ලොකු බාසුන්නැහේ අහනවා
එයා දන්නැතිවාට බිම වගේමයි උඩත්
හිටි හැටියෙ රතු රෝස පිපෙනවා
awasana kawiya hithata danenawa godak 😊
godakma lassanai 😍
Thanx a lot my dear
අවසන් පද දෙපෙලෙහි අර්ථය නොතේරේ
ප්‍රේමයක් විඳින කෙනෙකු කොහේ දී හරි එය සිහි වී තනිවම සිනාසීම පොදු ලක්ෂණයක්.ජීවිත අවදානම් තැනකදීත්.😁
හරි. තේරුනා කියා සිතමි🙊
ඒක ලස්සනයි 😍💛
Thanx my dear.
Steem Sri Lanka Discord Channel
✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵