RadicalLover: Article 1 විඳින විඳවන හදවත් වලට ආදරෙන් 💙

in Steem Sri Lanka3 years ago (edited)

කවුද නවත්තන්න බලාගෙන සම්බන්ධතා පටන් ගන්නෙ...එහෙම නේ ද?
ඒත් එක වෙලාවක් එනව අකමැත්තෙත් උනත්, ගොඩාක් බලාපොරොත්තු තියාගත්ත, ඒ ගොඩනැගීම් නවත්වන්න වෙන.
ඉතින් ඒ වෙලාවට අපි මොනවා කරන්න ද..? ඒ ආදරණීයන්ට සමුදෙනු විනා....

අඩුම ඔහුට දුකක් නැතිව සතුටින් සමුදෙන්න පුලුවන් නම්...
හ්ම්ම්ම්...හැම දේකටම පස්සෙත් මම හොදින් කියන්න පුලුවන් නම්...
අපි කොයි තරම් වාසනාවන්ත ද..?

ඒ නිසා මෙහෙම කියන්නම්...

අවසාන සුසුම් පොද ළමැද තුළ සිර කරන්
ඉදින් නුඹ සිඹින්නම් සෝ තැවුල් නැති ලෙසින්

6.jpg

RadicalLover කියල විදින විදවන හදවත් ගැන පොඩ්ඩක් ලියන්න හිතුනා...ආදරෙත් හරි පුදුමයිනේ.මන් හිතන්නෙ මේක කියවන හැමෝම ආදරේ කරන අය කියලා. ආදරේ කියන්නෙ කවදාවත්ම
නැතිව යන දෙයක් නෙමේනේ...නේ ද?

අපි ආදරේ කරන කෙනා අපි ළඟ ඉන්නවා හෝ නැතුවා ඒ ඇතිවුන හැගීම නැති වෙන් නෑනේ... එහෙම නේ ද?

ආදරේ ඉල්ලපු, ආදරේ ලැබෙනකන් බලන් ඉන්න, තාමත් කියාගන්න බැරුව හේතු මහ ගොඩක් අස්සෙ හැංගිලා ඉන්න ඒ වගේම ඉල්ලලත් ප්‍රතික්ශේප විච්ච ඒක පාර්ශවික ආදරේටත් මේ කියපු දේ ඒමම අදාළයි මගෙ හිතේ...

කෝමින් කෝම හරි කමක් නෑ මේ ලියන දේවල් වලට, කියවන ඔයාලගෙ පපුවෙත් ගැස්ම පොඩ්ඩක් හරි වෙනස් කරන්න පුලුවන් වෙනවන්ම්... මං ඒම කවි කාරයෙක් හෙනම පොරක් ඒමනම් නෙමේ...පොඩි අහිංසක Try එකක් විතරයි...

Sort:  

ඔව් හදවත හෙලවිලා ගියා. ආදරයට වයසක් නෑ. පුංචිම දරුවා ඉල්ලනෙත් ආදරය. වයකම මහල්ලා ඉල්ලනෙත් ආදරය. වෙනස තියෙන්නේ ඉල්ලන ආදරයෙ විදිය විතරයි. ඔබ සමත්.

ඔව්... ආදරයට වයසක් නෑ...😊

Hi, Can I know who introduce you to the steemit?

This is just for the verification process.

Hii, I got to know about steemit through @prasadi