අපතේ ගිය දසුන්ගේ ඉනිම...
ඉතින් යාලුවනේ ඔයාලා හැමෝම පරිස්සමෙන් ඇති කියලා හිතනවා.ඉතින් එක දිගට ලබපු ජයග්‍රහණ වලට පස්සේ ශ්‍රී ලංකාවට අවාසනාවන්ත පරාජයකට මුහුණ දෙන්නට සිද්ධ වුනා.ඒකත් අවශ්‍යම තරගයක් වීම තමයි ලොකුම අවාසනාව.ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන් පළමු තරඟ කිහිපයම සාර්ථකව ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම කිසිදු අභියෝගයකින් තොරව සුපිරි හතර දෙනාගේ වටයට සුදුසුකම් කීවේ බංගලාදේශය ඉන්දියාව සහ පාකිස්ථානයද සමඟින්. ශ්‍රී ලංකාවේ පහලින් එළිය දුටු බංගලාදේශ කණ්ඩායමට ප්‍රථම තරගයද යෙදුනේ ශ්‍රී ලංකා කණ්ඩායම සමඟයි.
ඉතින් කාසි වාසි ජයග්‍රහණය කළ බංගලාදේශ කණ්ඩායමෙන් නායක Litton Das ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළේ ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය තරග කිහිපයම හඹා ගොස් පහසුවෙන් ජයග්‍රහණය කළ නිසා.පැතුම් සහ කුසල් හොඳ ආරම්භයක් ලබාගත්තත් මැද පෙළ එතරම් සවිමත් නොවුණේ කුසල් පෙරේරා ගෙන් කමිල් මිශාරගෙන් සහ කමිදු මෙන්ඩිස්ගෙන් එතරම් හොද දායකත්වයක් නොලැබුණු නිසා.නමුත් කණ්ඩායමේ බර තනිව කරට ගත් හිටපු නායක දසුන් ශානක බංගලාදේශ පන්දු යවන්නන් අන්ධ මන්දකළේ විශිෂ්ට අර්ධ ශතකයක්ද ලබාගනිමින්.පිටිය සිසාරා පහර එල්ල කර දසුන් ශානක වැටී තිබුණු ශ්‍රී ලංකා ඉනිම පන්දු වාර විස්ස අවසානයේ ලකුනු 168ක් දක්වා ඉහල නැංවීමට සමත් වුණා.නමුත් හඹායාමට පිටියට පිවිසි බංගලාදේශ කණ්ඩායම ආරම්භයේ සිටම ප්‍රහාරය දියත් කලේ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට සාර්ථක වීමට ඉඩ ලබා නොදෙමින්.ආරම්භය එතරම් සාර්ථක නොවුනත් මැද පෙළ හොඳ සබඳතා සමගින් සාර්ථකව හඹායෑම දියත් කළේ පන්දු වාර 19යි පන්දු පහකදී ඉලක්කය හඹා යමින්.ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි හතර දෙනාගේ වටේ පළමුු තරඟය අවාසනාවන්ත ලෙස පරාජය වීමට සිදුවුණා.ඔවුන්ට ඊලඟ තරගයේ හෙට පකිස්ථානය සමග තරග කිරීමට නියමිතයි.