Bangladesh Tour of Srilanka
ඉතින් ටෙස්ට් ලෝක කුසලානයේ ගොඩක් ක්‍රිකට් රසිකයින් ආසාවෙන් බලාගෙන හිටපු අවසානයත් දකින්න ලැබුණා. ඒ අනුව පළමු වරට දකුණු අප්‍රිකාව ICC ලෝක කුසලානයක ජය පහස විදින්නට සමත් වුණා. ඉතින් ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයින්ට ශ්‍රී ලංකා කණ්ඩායම තරඟ වදින තරගයක් බලන්න විදියක් නැතුව සෑහෙන කාලයක් බලාගෙන ඉන්න උනා. ඒ අතර IPL බලන්න වැඩි ආසාවක් නැති මම හිටියෙ පට්ට අමාරුවෙන් කියලා කිව්වොත් හරි.ඉතින් ඒ ඉඩෝරයට දිය පොදක් වගේ ශ්‍රී ලංකාවට බංගලාදේශ කණ්ඩායම සමග තලගාවලියක් යෙදිලා තියෙනවා.ඉතින් තරගාවලිය හෙට ආරම්භ වීමට නියමිතයි.මිත්‍රවරුනි හැබැයි තත්ත්වය ටිකක් වෙනස්.මේ දවස්වල ගාල්ලට දවස පුරාම වගේ වැස්ස තමයි තියෙන්නේ.ඉතින් ගොඩක් වෙලාවට තරඟයේ වැස්ස නිසා සේදි යන්නත් ඉඩකඩක් තියෙනවා කිව්වොත් හරි.ඒත් අපි එහෙම වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරමු.
ඉතින් මේ වෙනකොට බංග්ලාදේශය සමග පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය සදහා වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.
ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 18 දෙනෙකු ඇතුළත්.ලහිරු කුමාර මෙම සංචිතයට පළමුව නම් කර තිබුනත් ඔහු පුහුණුවීම් අතරතුර ආබාධයකට ලක් වීම හේතුවෙන් පළමු තරගයට ක්‍රීඩා නොකරන බවට තමයි සඳහන් වෙලා තියෙන්නේ නම්. මෙවර මෙතෙක් ටෙස්ට් වරම් දිනා නොමැති ක්‍රීඩකයින් 6 දෙනෙකු සංචිතයට නම් කර තිබීම විශේෂත්වයක්.ඒ අනුව ලහිරු උදාර, පසිදු සූරියබණ්ඩාර, සොනාල් දිනූෂ, පවන් රත්නායක, තරිදු රත්නායක හා ඉසිත විජේසුන්දර සංචිතයට නම් කර ඇති අතර, ඒ වගේම අකිල ධනංජය යළි ටෙස්ට් සංචිතයට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.