Chennai Is Eliminated

in Steem Sri Lanka3 months ago

1000006166.jpg
source

ඉතින් මේ දවස්වල ක්‍රිකට් රසිකයින්ට තියෙන එකම සැනසුම IPL තමයි. කොහොම හරි වසරේ එක කාර්තුවක් ipl වලට වෙන්කරන සීන් එකකුත් දැන් දැන් කතාවෙනවා.එසේ වුනොත් නම් ජාත්‍යන්තර ක්‍රිකට් අභාවයට යන්නත් ඉඩ තියෙනවා.කොහොමින් කොහොම හරි අද කතා කරන්නේ ඒක ගැන නෙවෙයි.IPL ඉතිහාසය තුළ විශිෂ්ටතම කියලා සැක නැතුව හඳුන්වන්න පුළුවන් කණ්ඩායම් දෙකක් ඉන්නවා.ඒ තමයි මුම්බායි කණ්ඩායම සහ චෙන්නායි කණ්ඩායම.සාමාන්‍යයෙන් මේ කණ්ඩායම් දෙකම පෙරළිකාර කණ්ඩායම් දෙකක්.Chennai කණ්ඩායම ඒ කාලෙනම් දෝනිගෙ නායකත්වයෙන් යුතුව IPL තරගාවලිය තුළ සිටි හොඳම කණ්ඩායම කියලා කියන්න පුළුවන්.ඔහුගේ නායකත්වය යටතේ චෙන්නායි කණ්ඩායමට IPL ශූරතාවලි කීපයක්ම ගේන්න දෝනි සමත් වුනා.

කෙසේ හෝ කලින් තරගාවලියේදී දෝනි කණ්ඩායමෙන් ඉවත් වෙලා නවකයෙක්ට නායකත්වය ලබා දුන්නා.ඉතින් ගොඩක් අය කතාව කතා වුනේ ඒ තරගාවලිය දෝනිගේ අවසන ipl තරගාවලිය වේවි කියලා.නමුත් එය එහෙම වුණේ නැහැ.මෙවරත් දෝනි ipl තරගාවලිය වෙනුවෙන් සම්බන්ධ වුණා.නමුත් කණ්ඩායම නම් ආරම්භයේම ඉඳලම දැඩි පසුගාමී තත්ත්වයක් තමයි පෙන්නුම් කළේ.අසාර්ථක පිතිකරණය අසාර්ථක පන්දු යැවීම හමුවේ දිගින් දිගටම පරාජයන්ට මුහුණ දෙන්න චෙන්නයි කණ්ඩායමටට සිදුවුණා.ඉතින් මතීශ පතිරණටත් මෙවර ලොකු දෙයක් චෙන්නයි කණ්ඩායම වෙනුවෙන් ලබා දෙන්න පුළුවන් වුණාකියලා මම නම් විශ්වාස කරන්නේ නැහැ.මොකද ඔහුගෙ capacity එක ඉතා ඉහලයි.ඒ වගේම තමයි චෙන්නයි කණ්ඩායමේ තිබුණු අනිත් අඩුපාඩුව නම්, කණ්ඩායමේ සංයුතිය.අනෙත් කණ්ඩායම් වල සමබර සංචිතයක් දැක ගන්නපුළුවන් වුණත් පෞද්ගලිකව මම නම් chennai කණ්ඩායමේ සංචිතය ගැන සෑහීමකට පත් වන්නේනැහැ.ඉතින් එහි අවසන් ප්‍රතිඵලය වුණේ මෙවර ipl තරගාවලියෙන් ඉවත් වෙන පළමු කණ්ඩායම බවට Chennai කණ්ඩායම තේරී පත්වීම.ඒ අනුව අවාසනාවට චෙන්නයි කණ්ඩායමට මෙවර තරගාවලියේ පළමු වටයෙන්ම ඉවත්වීමට සිදුවුණා.