Downfall of WI Cricket

in Steem Sri Lanka4 days ago

1000071804.jpg
source

ඉතිං අද ලියන්න යන්නේ මට පෞද්ගලිකවනම් එච්චර සතුටුදායක දෙයක් නෙවෙයි.ක්‍රිකට් වල ශ්‍රී ලංකා කණ්ඩායම ඇරුණම මම ගොඩක්ම ආස කණ්ඩායම් තුනක් ඉන්නවා.දකුණු අප්‍රිකා කණ්ඩායම, නවසීලන්ත කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම තමයි ඒ. ඒ අතරින් අද ලියන්න යන්නේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ගැනයි. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ගැන පොඩි හරි එදිරිවාදී අදහසක් ආවේ 2013 ලෝක කුසලානයේ අවසන් මහා තරගයේදී පමණයි.මොකද ඒක අපේ අතේ තිබුන ලෝක කුසලානයක් තමයි අපිට ගිලිහුනේ.හරි ඉතින් අපි කතාවට එමුකෝ.පසුගිය කාලයක ඉඳන් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් වල පසුබෑම ටිකෙන් ටික ආරම්භ වෙනවා.ඒක කොතරම් බරපතලද කියනවනම් ඔවුන් මේ වසරේ ක්‍රීඩා කරපු විස්සයි විස්ස තරගාවලි අතරින් ඔවුන් ජයග්‍රහණය කර තිබෙන්නේ එකම එක තරගාවලියක් පමණයි ඒත් අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව.

මේක කොච්චර බරපතලද කියනවනම් ඔවුන් නේපාල කණ්ඩායමට එරෙහිවත් තරගාවලි පරාජයක් ලබනවා.බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කියන්නෙ කාලයක් ලෝක ක්‍රිකට් අනසක පැතිර වූ කණ්ඩායමක්.නමුත් ඔවුන්ට දැන් අත් වෙලා තියෙන තත්ත්වය නම් ඇත්තටම ශෝකජනකයි. මට හිතෙන විදියට ඒකට ගොඩක්ම බලපාලා තියෙන්නේ franchise cricket කියලයි මට හිතෙන්නෙ.මට මේක ලියන්න හිතුනේත් මේ දවස්වල පැවැත්වෙන ඉන්දියාව සහ බටහිරින්දිය කොදෙව් තරගාවලිය නිසා. එහිදී පළමු තරඟයේදී ඉන්දියාව විසින් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව දැවැන්ත ජයක් ලබා ගැනීමට සමත් වෙනවා.දෙවන තරඟයත් ඊට සමාන තත්ත්වයක් මේ වෙනකොට දකින්නට ලැබෙනවා, ඉතින් අපි බලමු ඒකෙ result එක මොන වගේ වේවිද කියලා.කොහොමින් කොහොම හරි මේ යන විදියට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ක්‍රිකට් අනාගතය නම් එච්චර සුබවාදී තත්ත්වයක් පෙන්නන්නේ නැහැ.ඔවුන්ට ඉක්මනටම නැවත ප්‍රබල ආගමනයක් අත්‍යවශ්‍යයි.අපි බලමු ඒක කොහොමින් කොහොම වේවිද කියලා.