Easy Win for Aussies

in Steem Sri Lanka4 days ago

1000037135.jpg

source

ඉතින් ඔයාලා හැමෝම පරිස්සමෙන් ඇති කියලා හිතනවා. විස්සයි විස්ස තරඟාවලියේදී බංගලාදේශ කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකාව ලබපු අවාසනාවන්ත තරංගාවලි පරාජයත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයින් හුඟක් කනස්සල්ලට පත්වුනා.ශ්‍රී ලංකා විස්සයි විස්ස තරඟාවලියෙන් ඔවුන්ට මගහැරුණු form එක නැවත ලබාගත් බංගලාදේශ ක්‍රීඩකයින් පකිස්ථානය සමඟ විස්සයි විස්ස තරඟාවලියේදී ඔවුන්ව අන්ද මන්ද කරේ තරඟයක් ඉතිරිව තිබියදීම තරගාවලිය ජයගැනීමත් සමඟයි.ඒ තරගාවලිය වගේම බටහිර ඉන්දීය කොදෙව් සමග ඕස්ට්‍රේලියා තරගාවලියත් , එංගලන්තය සහ ඉන්දියාව අතර ටෙස්ට් තරගාවලියත් මේ දවස්වල පැවැත්වෙමින් තිබෙනවා.

එංගලන්තය සහ ඉන්දියාව අතර හතරවන ටෙස්ට් තරඟය අද ආරම්භ වුණා.එම තරඟාවලිය දෙකට එකක් ලෙස එංගලන්තය පෙරමුණේ සිටිනවා.ඒ වගේම බටහිර ඉන්දීය කොදෙව් සහ ඕස්ට්‍රේලියාව අතර විස්සයි විස්ස තරගාවලියට ප්‍රේක්ෂකයින්ගේ බොහෝ අවධානය ලක්වෙලා තිබුණා.මොකද විස්සයි විස්ස පිටියේ බලවතෙකු වන Andrew Russell ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියට සමුදීමට දෙවන විස්සයි විස්ස තරඟයත් සමගම කටයුතු කිරීම නිසා.ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඔවුන්ගේ පන්දු වාර විස්ස අවසානයේ ලකුනු 172ක් ලබා ගැනීමට සමත් වුණා.එහිදී තම අවසන් තරගයට මුහුණ දුන් Rusell වේගවත් ලකුනු 36 ලබා ගත්තේ පන්දු 15 පමණක් වැය කරමින්.නමුත් මේ ඉලක්කය නම් ඕස්ට්‍රේලියාවට ඒ තරම් අපහසු වුණේ නැහැ.ඔවුන් මේ ඉලක්කය පහසුවෙන් පන්දු වාර 15.2කින් අවසන් කරේ කඩුළු දෙකක් පමණක් වැය කරමින්.විශිෂ්ට ඉනිමක් දියත් කළ Josh English වේගවත් ලකුනු 78ක් ලබාගත්තේ තරගාවලිය 2-0 ලෙස පෙරමුණ ගනිමින්.