PSL Champions

in Steem Sri Lanka2 months ago

1000016190.jpg
source

ඉතින් දැන් ටිකෙන් ටික IPL තරගාවලියත් අවසානෙට ළඟා වෙමින් තමයි තියෙන්නේ.IPL තරගාවලිය හා සමගාමීව පැවැත්වුණු PSL තරගාවලිය පසුගිය දිනයේ නිමාවට පත්වුණා.එහිදී Quetta Gladiators කණ්ඩායම පරාජයට පත් කරමින් Lahore Qalandars කණ්ඩායම මෙවර ශූරයෙන් බවට පත්වීමට සමත් වුණා.එහිදී විශේෂත්වය වුණේ අවසන් තරඟයේ වීරයා බවට පත්වෙමින් සුපිරි අර්ධ ශතකයකුත් සමග තරඟය ජයග්‍රහණය කරන තෙක් නොදැවී සටන්කාමී ඉනිමක් දියත් කිරීමට කුසල ජනිත් පෙරේරා සමත් වුණා. ඉතින් ලොකුවට කතා කරන්නේ IPL තරගාවලිය ගැන නිසා ක්‍රිකට් රසිකයින් අතරත් PSL තරගාවලිය ගැන කතා වෙනවා ගොඩක් අඩුයි. ඒකට මොකුත් කියන්නත් බැහැ මොකද ipl තියෙන්නේ PSL තරගාවලියට වඩා ගොඩක් ඉහළ තත්ත්වයක.ඒ කොහොමහරි අද මම ලියන්න යන්නේ PSL තරගාවලියෙ අවසන් මහා තරගය සහ ජයග්‍රාහකින් ගැන.

ඉතින් මං කලින් කිව්ව කණ්ඩායම් දෙකේ විශේෂයෙන් හඳුන්වනවා නම් කණ්ඩායම් දෙකේ චන්දිමාල් සහ කුසල් පෙරේරා ඇතුළත් වෙනවා.Lahore කණ්ඩායමේ කුසල් පෙරේරා ඇතුළත් වෙනඅතර Quetta කණ්ඩායමේ චන්දිමල් ඇතුලත් වෙනවා. ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් Quetta කණ්ඩායම ලකුණු 201 රැස්කරේ චන්දිමාල්ගේ සහ අවිශ්ක ප්‍රනාන්දුගේත් ලකුණු වල දායකත්වයෙන්.පිළිතුරු ඉනිම පහර දීමටපැමිණි Lahore කණ්ඩායමට අවසන් පන්දු වාර හතරේදී ඉලක්කය එතරම් පහසු වුණේ නැහැ.නමුත් අවසන් මහා තරගයක වගේම කණ්ඩායමේ වගකීමත් පීඩනයත් මායිමකට නොගත් කුසල් පෙරේරා කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේ පන්දු 31දී ලකුනු 62 ක විශිෂ්ට ඉනිමක් දියත් කරමින්.ඒ අනුව මෙවර PSL තරගාවලියේ ශූරයන් බවටට පත්වීමට Lahore කණ්ඩායම සමත් වුණා.