Punjab Kings On Fire

in Steem Sri Lanka2 months ago

1000012973.jpg
source

ඉතින් යාළුවනේ ඔයාලා හැමෝම පරිස්සමෙන් ඇති කියලා හිතනවා.IPL තරගාවලියේ තිබෙන උද්වේගකර බව ටිකෙන් ටික වැඩි වෙමින් තිබෙන වෙලාවක ඉන්ද්‍රීය ක්‍රිකට් පාලක කමිටුව විසින් අනපේක්ෂිත තීරණයක් ගෙන තිබෙනවා ඔවුන් විසින් ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් පවත්වන සියලු තරග වලින් ඉවත් වීමට තමයි තීරණය කරලා තියෙන්නේ.ඇත්තටම ඒක ඉතා ප්‍රබල වගේම පුදුම සහගත තීරණයක්.ඉන්දියා හා පකිස්ථානය අතර යුදමය තත්ත්වය නිසා තමයි බොහෝ දුරට මේ තීරණය අරගෙන තියෙන්නේ.ඉතින් මේ තීරණයෙම ඉන්දියාව සිටියොත් ඒක ආසියානු ක්‍රිකට් කවුන්සලේ විසින් පවත්වන තරගාවලිවලදී එහි තරගකාරී බවට දැඩි ලෙස බලපානව.හිතන්නකෝ ආසියානු කුසලානයක් ඉන්දියාව නැතුව සෙල්ලම් කරනවා කිව්වම????හරි අපි ඒ ගැන වෙනම article එකකින් කතා කරමුකෝ.අද කතා කරන්න ආවෙ පංජාබ් කින්ස් කණ්ඩායම ගැන.

ඉතින් පංජාබ් කින්ස් කණ්ඩායම මේ වන විටත් නිල නොවන වශයෙන් සුපිරි හතර දෙනාගේ වටේට තේරී පත්වි අවසානයි.ඔයා හිතන්නෙ ඔවුන්ගේ මේ නැගී ඒමට හේතුව කවුරුන්ද? Punjab Kings කණ්ඩායම විවිධාකාරයෙ වෙනස්කම් මේවනවිටත් ipl තරගාවලි කිහිපයකදීම කරත් ඔවුන්ට එයින් කිසිදු වාසිදායක තත්වයක් ලබාගන්න හැකිවුණේ නැහැ.ප්වුන් play off වටේකට හෝ තේරී පත්වුණේ ඉතා අහම්බෙන්.ඔවුන් මෙවර තරගාවලිය පුරා අති විශිෂ්ට අයුරින් ක්‍රීඩා කරා.ආරම්භයේ සිටම ඔවුන්ගේ ජයග්‍රාහී රිද්මය දිගටම පවත්වා ගැනීමට පන්ජාබ් කින්ස් කණ්ඩායම සමත් වුණා.මම නම් මේකට හේතු විදිය දකින්නේ අයියර්ගෙ නායකත්වය.ඔහු නායකත්වය ලබා දුන් Dellhi Capitals කණ්ඩායම, KKR කණ්ඩායම වගේම මෙවර නායකත්වය ලබාදෙන Punjab Kings කණ්ඩායමත් ipl තරගාවලි කිහිපයේදීම ඉහල දක්ෂතා පෙන්නන්න සමත් වෙලා තියෙනවා.සමහරවිට තවත් අවුරුදු කීපයක් යද්දී IPLඑක තුල සාර්ථකම නායකයා බවට පත්වීමට අයියර්ට බැරි වෙන එකකුත් නෑ.