Winners
ඉතින් මෙවර පැවැත්වුණු ආසියානු ක්රිකට් තරගාවලිය ඇත්තටම ක්රිකට් ක්රීඩාවේ ජීව ගුණයට කෙතරම් විදිහට හානි උනාද කියලා දෙවරක් හිතන්න ඕන කාරණයක්.ඇත්තටම දේශපාලනය ක්රීඩාවට ගාවගන්නවා කියන්නේ මට අනුව නම් එච්චර හොඳ දෙයක් නෙවේ.නමුත් මෙවර ඉන්දියා කණ්ඩායම ඒක ඕනවටත් වඩා සිදු කළා කිව්වොත් නිවැරදියි.ඒ නිසාමද මන්දා නිකං විහිළුවක් විදියට තමයි ආසියානු තරගාවලිය මෙවර අවසන් වුණේ.ඉන්දියාව පකිස්ථානය අතර කොතරම් ප්රශ්න තිබුණත් කලින් තරග බලද්දි තිබුන උනන්දුව ආසාව මෙවර හාත්පසින්ම වෙනස් වුනේ ඉන්දියා කණ්ඩායමේ ක්රියා කලාපය නිසා.හරි ඉතින් කොහොම හරි තරගාවලිය ගැන පොඩි විස්තරයක් කරන්නම්කෝ.තරගාවලියට හොඳ ආරම්භයක් ගත්තත් සුපිරි හතර දෙනාගේ වටේ ලද පරාජයන් නිසා ශ්රී ලංකා කණ්ඩායම මුලින්ම තරගාවලියෙන් ඉවත් වුනා.කොහොම හරි අවසන් තරඟයටත් සුදුසුකම් ලැබුවේ පකිස්ථානය සහ ඉන්දියාවයි.
දෙවරක්ම පිටපිට පරාජය ලැබූ පකිස්ථාන කණ්ඩායම මේ තරඟය නම් කොහොම හරි තමන්ගේ වැරදි අඩුපාඩු හදාගෙන ජයග්රහණය කරාවියැයි ගොඩක් රසිකයින් අනුමානය කලා.ඉතින් කොහොම හරි තරඟය කාසිය වාසිය ජයග්රහණය කළ ඉන්දියා කණ්ඩායමේ නායකයා ප්රථමයෙන් පන්දු රැකීමට තීරණය කළා.තරගාවලිය පුරා ඉන්දියා කණ්ඩායමට හිසරදයක් වූ sahibazda farhan මේ තරඟයේත් අර්ධ ශතකයක් රැස් කළේ විශිෂ්ට ඉනිමක් fakhar zaman සමග දියත් කරමින්.නමුත් ඔවුන් දෙදෙනාගෙන් ලැබූ හොඳ ආරම්භය දිගටම පවත්වාගෙන යාමට අසාර්ථක මැද පෙල ක්රීඩකයින් අසමත් වුණේ ලකුනු 180ක් තිබුනත් එය සියලු කඩුලු දැවී 146ට පමණක් සීමා වෙමින්.පන්දු යැවීමේදී මුල් පන්දු වාර කීපයේ පකිස්ථාන කණ්ඩායම හොඳින් තරඟයට අවතීර්ණ වුනත් අත්දැකීම් වලින් පරිපූර්ණ වූ ඉන්දියා කණ්ඩායමේ මැදපෙළ ක්රීඩකයින් තරඟය චෑග්රහණය කළේ කඩුලු පහක් පමණක් දැවී යමින්.ඒ අනුව මෙවර ශූරයින් බවට පත්වීමට ඉන්දියා කණ්ඩායම සමත් වුනු අතර ඔවුන් කුසලානයද ප්රතික්ෂේප කලේ සමස්ත තරගාවලියම බාල්දුවට ලක් කරමින්. ක්රිකට් රසිකයෙක් විදියට මම ඇත්තටම ගොඩක් කලකිරුණු තරගාවලියක් තමයි මේක, වැඩියත්ම ඒ ඉන්දියාවේ ක්රියා කලාපය නිසා.