ලොවක් වසඟ කල James Bond කාර් රථය - Aston Martin DB5 (1965)


මූලාශ්‍රය

Aston Martin DB5 යනු 60 දශකයේ ඉතාමත් ජනප්‍රියත්වය වූ කාර් එකක්. ඒ විදිහට ජනප්‍රිය වෙන්න ලොකුම හේතුව තමයි ඒකාලෙ වගෙම අදටත් ගොඩක් ජනප්‍රිය චිත්‍රපට මාලවක් වන James Bond හි James Bond තමන්ගෙ වාහනය විදිහට මේ කාර් එක භාවිතා කිරීම. විශේෂයෙන්ම 60 දශකයේ සුපිරි තරුවක් වන Sean Connery රඟන 1964 තිර ගත උන "Goldfinger" සහ 1965 දී තිර ගත උන "Thunderbolt" යන ජේම්ස් බොන්ඩ් චිත්‍රපට වලදී මේ කාර් එක භාවිතා උනා.ඒ වගෙම තමයි මේ කාර් එකේ තියෙන සුවිශේෂී පෙනුමත් මේ විදිහට ප්‍රසිද්ධ වෙන්න හේතුවක්.



මූලාශ්‍රය

මේ කාර් එක සිලින්ඩර 6 කින් යුතු (inline) 4.0L එන්ජිමකින් සමන්විත වන අතර තත්පර 8 කදී 0 සිට පැයට සැතපුම් 60 ක වේගයක් ලබා ගැනීමට පුලුවන්. ඒ වගේම තමයි ඒ කාලේ බොහෝ වාහන වල තිබුනේ 4-speed manual gearbox වුනත් මේ කාර් එකේ 5-speed manual gearbox එකකින් සමන්විත වුනා. දොරවල් දෙකකින් සමන්විත මේ කාර් එක convertible ආකාරයෙනුත් ලබා ගැනීමට පුලුවන් කම තිබුනා. Aston Martin Lagonda සමාගම මේ කාර් එක නිශ්පාදනය කල අතර 1963-1965 කාලය අතරතුර කාර් 1059 ක ප්‍රමානයක් නිශ්පාදනය කරනු ලබුවා. වර්තමානයේ මෙම කාර් එකේ මිල ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් 870,000 ක්(ලංකා මුදලින් රුපියල් කෝටි 27.6ක් ).