නොනිමි ආදරය

in Steem Sri Lanka7 months ago

IMG_20190109_071113.jpg

ඉතින් ඔයාලට කොහොමද මගේ යලුවනේ අද මට නිවාඩු දවසක් නිසා මම පොඩි නිසදස් කීපයක් ලිව්වා ඔයාලත් රස විඳලා බලන්න.මේක තමයි මම මේ කමියුනිටි එකේ ලියන පළවෙනි ලිපිය. ඉතින් මම හිතනවා ඔයාලා මාව මේ සමූහයට පිළිගනීවි කියලා.

ලෝක සාහිත්‍ය ගැන බලද්දි ආදරය ගැන කියද්දි බැඳිච්ච සංකේතයක් තමයි ටජ්මහල කියන්නෙ. අසල්වැසි ඉන්දියාවේ ඉඳපු සාජහන් කියන රජතුමා තමන්ගෙ ප්‍රේමය වෙනුවෙන් මේක ඉදිකලා කියන එක මුලු ලෝකයක් පිලිගන්න කතාවක්. ඉතින් ඒ නිසා මේ ලිපිය සමඟ ටජ්මහලෙ චායාරූපයකුත් අමුණන්න මට හිතුනා.

නොනිමි ආදරේ

පාට පාට මල් වලට හෙමින් හෙමින් මුමුණන්න..නුඹ කියනා ඔය කතාව හොර රහසෙම අහන් ඉන්න..ප්‍රේමයේ ගීතය හොර රහසේම විඳගන්න...කවුරු නැතත් නුඹ ගාවින් මම ඉන්නවා අහන් ඉන්න.

නුඹ නැතුව ගෙවන දිවිය..අකුරින් අකුර මට කියන්න..මං දන්නෑ නුඹ නොමැතිව හුස්ම පොදක් ඉහල ගන්න...වරාමලක් වූ පමණින් මට බැහැ දුරකට ඇදෙන්න..නුඹේ වත්තේ නුඹේ ලඟින් ගැවසෙන්නට මටත් දෙන්න.

නෙතු සිඹින සිහිනෙක.... නෙතු නොනිදා හිඳින්න.....පාලු වු මගේ හදවත පීර පීරා සොයන්න ....ආදරේ නම් මිහිරි තෙපුලෙන්..බිඳෙන් බිඳ පොවන්න...ජාති ජාතිත් මගේ හදවත..ඔබට පමණක් ලැබෙන්න.

අහංකාර හදවත පුරා හෙමින් හෙමින් අඩි තියන්න..බර අඩියක් තිබ්බොතින්....මොකුත් නොකියම ඉන්න...ආදරේ නම් අහංකාර වදනින් මා මත් කරන්න.... හෙමින් සිහිරුවට ඔය හදවත..මට පමණක් පුදන්න.

ස්තූතියි!