How Much I Love Mangosteen
මම ආසම කරන පලතුරු තුනක් තියනව. එකේ උඩම ඉන්නෙ හැමදාම passion fruit. තුන් වෙනියට ඉන්නෙ අන්නාසි. දෙවෙනියට ඉන්න කෙනා ගැන තමයි මම අද කතා කරන්නෙ. ඒ තමයි mangosteen. මේකට මෙච්චර කැමති වෙන්න එක හේතුවක් වෙන්න ඇති මේ පලතුරේ තියන දුර්ලබ කම. අපේ ගෙදර නම් mangosteen ගහක් නෑ. තියන ය වුණත් ගෙඩි හය හතකට වඩා දෙන්නේ නැහැනේ. ඉතින් ඒක ගෙදර පස් දෙනෙක් එක්ක බෙදිලා යද්දි එක්කෙනෙක්ට ගෙඩියකට දෙකකට වඩා ලැබෙන්නෙ නැහැ. ඉතින් මේ රසවත් පලතුර හිත පිරෙන නම් කන්න ලැබිලම නැති තරම්.
දැන් ඉතින් mangosteen වාරෙ නෙ. එහෙන් මෙහෙන් හම්බෙන mangosteen මල්ලි එක්ක රණ්ඩු නොවී බෙදාගන්නත් වෙනව. මම වැඩියෙන්ම ආස දෙයක් තමයි එකේ තියන පැණි බේරෙන රස. ඇඹුලත් නැති අධික පැණි රහත් නැති ගතියට මම හරිම ආසයි. රස වගේම ගුණයෙනුත් mangosteen ඉතාම ඉහලයි.
හොඳින් ඉඳුනට පස්සේ මේ විදියට අතෙන් පහසුවෙන් ගෙඩිය කඩාගන්න පුළුවන්. පොත්තෙන් දම් පාටට හුරු කහට අතේ ගෑවෙන එක සාමාන්‍යයි. මම මුලින්ම කඩපු ගෙඩිය නම් හොඳ තත්වේ තිබුනේ නෑ. හම්බුනෙත් ගෙඩි දෙකයි එක්කෙනෙක්ට.
මේ විදියට රතු හෝ දුඹුරු පාටින් මදුලු තියෙන්නේ එක්කෝ ගෙඩිය තැලුනහම. නැත්තම් නරක්විගෙන එද්දි. එහෙම මදුලු ඉතින් කන්න බැහැ. :( තවත් සමහර අවස්ථා තියනවා ගෙඩියට කිරි බැහැපු. මේ ලෙලලේ තියනව ලාටු වගේ ක්ෂිරයක් ඒවා පලුදු වුණ ගෙඩි ඇතුලට ගියාමත් අපට ගෙඩිය ඉවත් කරන්න වෙන්ව. පළවෙනි ගෙඩියෙන් එකම එක මදුලක් අමාරුවෙන් හොයාගෙන කෑව ආසාව වැඩි නිසාම. දෙවෙනි ගෙඩියේ නම් ඒ තරම් ගැටළුවක් තිබ්බේ නෑ. පොඩි ගෙඩියක්. මොනව කරන්නද.
අන්තිමටම මම කල්පනා කරා ඇටයක් වත් පැල කරල බලන්න ඕන කියල. කොච්චර සාර්ථක වෙයිද නම් කියල දන්නේ නෑ. තිබුන ටිකක් ලොකු මදුලු වලින් ඇට ටිකක් පිරිසිදු කරලා අරගත්තා. පොඩි හරි ගිරියක් මතු වුනොත් අඩු ගානේ වයසට ගිහින් හරි ඇතිවෙනකම් mangosteen කන්න පුළුවන්.
Great post, shared and upvoted👍🧃
This post has been upvoted by @italygame witness curation trail
If you like our work and want to support us, please consider to approve our witness
Come and visit Italy Community
Hi @randulakoralage,
my name is @ilnegro and I voted your post using steem-fanbase.com.
Come and visit Italy Community
Math asama kemak.bus eke yanakota pare tiyenawa dekkata ganna wenne nene
ඊලග පාර එද්දි අරන් එන්නම් අක්කෙ තිබුනොත් 🙈😂
mara wade. mageth udama thiyenne oya thuna! e unata thama me para mangus kanna une na
මගෙත් ආසම පලතුරක් තමයි මැංගුස්.ඒත් කාපු කාලයක් නම් මතක නෑ.😐
Math asama palathurak.mehen ganna ba eth mara ganan. Kalutara nm tye aduwata