පළාත් පාලන මැතිවරණය

in Steem Sri Lanka2 months ago

1000008056.webp
source

ඉතින් ඔයාලා හැමෝම පරිස්සමින් ඇති කියලා හිතනවා.ශ්‍රී ලංකාවේ තිබූ තීරණාත්මක මැතිවරණ දෙකකින් පසුව ඊයේ පළාත් පාලන මැතිවරණයත් පැවැත්වුණා , ඒ වසර ගණනාවකට පසුවයි.මේ පළාත් පාර්ලිමැතිවරණය ක්‍රියාත්මක වුණේ දැඩි ආන්දෝලනාත්මක තත්ත්වයකට තුඩු දුන් කොට්ටාස ක්‍රමයට අනුවයි.ඒ අනුව පළාත් පාලන ආයතන 339ට සභිකයින් 8287ක් තෝරා පත් කරගැනීම උදෙසා ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25න්ම වගේ ඡන්දය ක්‍රියාත්මක වුණා.නමුත් මෙවර ඡන්දයට ජනතාවගෙන් කලින් මැතිවරණ දෙකට වගේ උනන්දුවක් නම් දැක ගන්න ලැබුණේ නැහැ.ඡන්ද අපේක්ෂකයින් දැඩි උනන්දුවකින් ක්‍රියා කළත් ජනතාව ඡන්දය දීමෙන් ගොඩක් වැළකී සිටි අයුරු මෙන් මැතිවරණයෙන් දැක ගන්න ලැබුණා.ඉතිං විපක්ෂය වගේම ආණ්ඩුවත් මේ මැතිවරණය ගැන ලොකුවට කතා වුණේ ඔවුනොවුන් වැඩි ප්‍රතිශතයක් ලබා ගනිමින් ජය ගන්නා බව පවසමින්.

කෙසේ හෝ වර්තමාන ආණ්ඩුව පාර්ලිමේන්තු මැතිවරණය 60% ඉක්මවූ වාර්තා ගත ජයග්‍රහණයක් ලබා ගත්තත් මෙවර මැතිවරණයේදී ඔවුන් කෙරෙහි ජනතාවගේ යම්කිසි ප්‍රසාදයේ අඩුවක් දැක ගන්න ලැබුණේ එය 43% දක්වා අඩුවී තිබෙනන නිසයි.ඒ කෙසේ වෙතත් ආණ්ඩුව මෙම මැතිවරණයේදීත් වාර්තාගත ලෙස පළාත් පාලන ආයතන 269ක දැවැන්ත ප්‍රමාණයක් ජයග්‍රහණය කිරීමට සමත් වෙලා තියෙනවා.නමුත් විපක්ෂයේ සියලු කණ්ඩායම් එකට එක් වුණොත් ඔවුන්ට වර්තමාන ආණ්ඩුව ජයගෙන තිබෙන පළාත් පාලන ආයතනවල අයිතිය ලබා ගැනීමට හැකි වෙනවා.එය සදාචාර සම්පන්න නොවුණත් එය කිරීමට නීතියෙන් තහනමක් නැහැ.ඒ වගේම තමයි ගොඩක් දේශපාලනඥයන් සදාචාර සම්පන්න මිනිස්සුමත් නෙමෙයි.මෙවර ආණ්ඩුවේ ඡන්ද ප්‍රතිශතය අඩුවීමට ජාතික ආරක්ෂාව වගේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් සිදු කළ යම්කිසි ප්‍රකාශත් පදනම් වුණා.ඒ කෙසේ වෙතත් අමතක නොකළ යුත්තයක් තමයි තාම මේ රජය පිහිටුවල වසරක් ගත වන්නෙත් නැහැ.ඒ නිසා හැම දෙයක්ම අපිට වසරක් තුළ ඔවුන්ගෙන් බලාපොරොත්තු විය නොහැකියි.ඒ වගේම මෙය ආණ්ඩුවටත් යම්කිසි දෙයක් තේරුම් ගත හැකි මැතිවරණයක්.මිනිසුන් දැන් ටිකෙන් ටික දේශපාලනමය වශයෙන් බුද්ධිමත්භාවයකින් යුක්ත වන බවට.ඉතිං අපි බලමු පළාත් පාලන ආයතන වලින් ඉදිරියට මොන වගේ දෙයක් රටට වේවිද කියලා.

Sort:  

Thank you for sharing on steem! I'm witness fuli, and I've given you a free upvote. If you'd like to support me, please consider voting at https://steemitwallet.com/~witnesses 🌟