මාරක බස් අනතුර
ඊයේ දවස කියන්නේ ඇස් වලට කඳුළු උනන අතිශය ශෝක ජනක දිනයක්.මං හිතනවා ඒක ශ්‍රී ලංකාවාසී ඔයාලා හැමෝම දන්නවා ඇති කියලා.නුවරඑළිය ගම්පොළ ප්‍රධාන මාර්ගයේ ගැරඬි ඇල්ල ප්‍රදේශයේදී ඊයේ උදෑසන බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් දරුණු අනතුරක් සිද්ධ වුණා.ඉතින් මේ අවස්ථාවේ බස් රථයේ අසූවක පමණ පිරිසක් ගමන් කරා කියලා සඳහන් වෙනවා.මුලින් මම news එක ගැන දැනගත්තම හිතුවේ ජීවිත අනතුරු නැතුව ඇති කියලා.ඒත් ටික වෙලාවක් යද්දි ජීවිත අනතුරු පහ හය වෙලා එකින් එක වැඩි වුණේ බලන් ඉද්දි.කොහොම හරි පැය දෙක තුනක් ඇද්දි ජීවිත අනතුරු පහළොවක් පමණ වෙලා කියලා සඳහන් වුණා.ඉතින් යාලුවනේ මේ වන විට මේ දරුණු අනතුරින් මියගිය පිරිස 22 දක්වා ඉහළ ගිහින් තියෙනවා.අනතුරට හේතුව තවම හොයා ගෙන නැහැ.මෙහෙමයි දුර ගමන් සේවා බස් හෙමින් යනවා කියන්නත් බැහැ.නමුත් ඒ රියදුරා වසර දාහතරක් පලපුරුද්ද තිබෙන වසර හතරක් එම මාර්ගයේම ගමන් කරලා පරපුරුද්ද තියෙන කට්ටිය කියන විදියට විනීත රියදුරෙක් බව තමයි සමාජ මාධ්‍ය ජාලා වලින් නම් දැනගන්න ලැබුණේ.කොහොම හරි පොඩි අත් වැරදීමක් ඇති ජීවිත ගණනක් විනාශ වෙන්න.ඒක ඊයේ බස් එකක සුක්කානම කියන්නේ නිකම්ම නිකං එක ජීවිතයක් විතරක් තීරණය කරන දෙයක් නෙවෙයි බව සනාත කරා.
ඉතින් මේකේ ඛේදජනකම සිදුවීම් කිහිපයක්ම තියෙනවා.ඉන් එක සිද්ධියක් මුළු රටේ ජනතාවම දැඩි සේ කම්පාවට ලක්කරා.ගොඩක් වෙලාවට ඔයාට දන්නව ඇති ඊයේ අම්මා වරුන්ගේ දිනය.ඉතින් ඒ අම්මාවරුන්ගේ දිනයේදී අම්මා කෙනෙක්ගෙ දරුවා වෙනුවෙන් කරපු දැඩි කැපකිරීමක් ඊයෙ බස් අනතුරෙ දැක ගන්නැබුණා.හයක් හතරක් නොතේරෙන තම කිරි සප්පයාට කිසිම අනතුරක් නොවෙන්න අම්මා ඒ දරුවාට උණුසුම දීලා තිබුනා බස් එකක යකඩ බාර් කීපයකට යට වෙමින්.ඇය කොච්චර වේදනාවෙන් සිටියත් ළමයට කිසිම හානියක් නොවෙන්න ඇය විසින් කටයුතු කර තිබෙනවා.ඉතින් ඇයව ඉන් මුදවා ගන්නත් ලේසි උනේ නැහැ.ටික වෙලාවක් ගත වුණා ඇයව ඉන් මුදවා ගැනීමටත්.එසේ කැප කිරීමත් කරන්න සොබාදහම විසින් ඇයගේ ජීවිතයට වටිනාකමක් නම් ලබා දුන්නේ නැහැ. අවාසනාවන්ත විදියට ඇයට ජීවිතයෙන් ඊයේ සමුගන්න සිදු වුණේ මුළු මහත් ජනතාවගේම ඇස්වලට කඳුළු එක්කරමින්.ඉතින් මේ අනතුරෙන් ළමයින්ට දෙමාපියන් නැති වුණා.සහෝදර සහෝදරියන් අහිමි වුණා.රටට වටිනා ජීවිත විසි දෙකක් අහිමි වුණා.ඉතින් යද්දි පරිස්සමෙන්, අපේ ජීවිතය නැතිවෙන්න එක සුළු මොහොතක් ඇති.ඒ නිසා පාරෙදි පුළුවන් තරම් නීතිගරුකව ඉවසීමෙන් ගමන් කරන්න , ඒක ඔයාගෙත් අන් අයගේ ජීවිත වලට වටිනාකමක් ලබාදේවි.