Andhagaaram
අද ලියන්න යන්නේ බලපු horror films වලින් උඩින්ම තියන්න පුළුවන් Tamil horror ෆිල්ම් එකක් ගැන.2020 නිකුත් වෙච්ච මේ ෆිල්ම් එකට imdb 7.5ක ඉතා ඉහළ අගයක් හිමිවෙලා තියෙනවා.ඉන්දියාවේ horror ෆිල්ම් එකකට ඒ වගේ අගයක් තියෙනවා කියන්නේ හිතාගන්න පුළුවන්නේ ෆිල්ම් එක මොන වගේ තත්ත්වයක තියෙන්නෙ කියලා.Horror ,Mystery , psychological , thriller කියන කාණ්ඩ කීපෙටම හයත් වෙන මේ ෆිල්ම් එක මොහොතින් මොහොත කුතුහලය ඉහළ නැංවෙන අමුතුම විදිහ කතාවක් තියෙන ෆිල්ම් එකක්.හරි ඉතින් වැඩිය කියවන්නැතුව ෆිල්ම් එක ගැන පොඩි අදහසක් දෙන්නම්කෝ.
සෙල්වම් කියන්නේ ඇස් පේන්නෙ නැති අන්ධ අහිංසක තරුණ පිරිමි ළමයෙක්.සෙල්ලම් ජීවත් වෙන්නේ තනියම සෙල්වම්ට හදිසියේ ඇතිවන රෝගී තත්ත්වයක් නිසා ඒකට මුදල් ඉක්මනින්ම හොයාගන්න වෙනවා.ඒක නිසා සෙල්වම් වැඩක් බාරගන්නවා.ඒ තමයි සෙල්වම්ගෙ තාත්තා ජීවත් වෙලා ඉන්න කාලේ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් හා සම්බන්ධ වැඩ කරලා තියෙනවා.සෙල්වමුත් පුංචි කාලේ ඉද්ම්ම තාත්තත් එක්ක ඒ වැඩවලට ගිහිල්ලා තියෙනවා.අන්න ඒ වගේ වැඩක් තමයි සෙල්වම් දැන් බාරගෙන තියෙන්නේ.එක ගොඩනැගිල්ලක් තියෙනවා ඒකෙ හය වෙන තට්ටුවේ එක මළගිය ආත්මයක් සැරිසරනවා.ඒ නිසාම ඒ තට්ටුවේ කිසිම දෙයක් කරගන්න බැහැ අඩුම තරමෙ විකුණ ගන්නවත්බැහැ.ඉතින් සෙල්වම් මේ වැඩේ බාරගන්නවා , නමුත් සෙල්වම් දන්නැති උනාට කලිනුත් කට්ටිය මේ වැඩේ කරන්න ඇවිල්ල ඒගොල්ලොන්ගෙ ජීවිතයෙනුත් වන්දි ගෙවලා තියෙනවා.සෙල්වම් ඇවිල්ල මේ වැඩේ පටන් ගද්දි තේරෙනවා එක ආත්මයක් නෙවෙයි ආත්ම දෙකක් මේකේ තියෙනවා කියලා .ඉතින් එහෙම වෙන්නේ කොහොමද මේ අනිත් කෙනා කවුද? ඔය අතරම තවත් පැත්තකින් තව කතාවක් යනවා.විනෝද් කියලා ක්‍රිකට් කෝච් කෙනෙක් ඉන්නවා.විනෝද්ට දුරකථනයෙ වන ප්‍රශ්නයක් නිසා ඔහුට ස්ථාවර දුරකථනයක් ලැබෙනවා.මේ දුරකථනය ගෙනාපු දවසේ ඉඳන්ම එක එක අද්භූත දේවල් විනෝද ඉන්න බෝඩිමේ වෙන්න පටන් ගන්නවා.කොහොම හරි කිසි සම්බන්ධයක් නැති උනත් අන්තිමට මේ කතා දෙකම එකට සම්බන්ධ වෙන්නේ හිතාගන්නවත් බැරි විදිහට.ඒ ගැන දැනගන්න ඔයාට මේ සුපිරි ෆිල්ම් එක බලන්නම වෙනව.