Black

in Steem Sri Lanka2 days ago

1000045773.jpg
source

අද අරගෙන ආවේ කාලෙකට පස්සේ බලපු time travel tamil ෆිල්ම් එකක්.Tamil ෆිල්ම් එකක් බලන්න හම්බවුනේ කාලෙකට පස්සේ.මොකද ඇබ්බැහියෙන් වගේ එක දිගටම english movies වලට පුරුදු වුන නිසා ඒ වගෙන් පොඩ්ඩක් ගැලවෙන එක ලේසි වුණේ නැහැ.කොහොමහරි යාළුවොන්ගේ බල කිරීම හින්දම මම මේ ෆිල්ම් එක බලන්න තෝරගත්තා.ගිය අවුරුද්දේ නිකුත් වුන මේ ෆිල්ම් එකට imdb 7.1ක ඉහල අගයක් මේ වෙනකොටත් හිමි වෙලා තියෙනවා.හිතාගන්නවත් බැරි විදියෙ අභිරහසක් සඟවිලා තියෙන, අතිශය භයානක අද්භූත කතාවක් තියෙන ෆිල්ම් එකක් තමයි මේක.හරි ඉතින් වෙනදා වගේම ෆිල්ම් එක ගැන පොඩි අදහසක් දෙන්නම්කෝ.

වසන්ත් සහ ආරණ්‍ය කියන්නේ ලඟදි කසාද බැඳපු බොහොම සතුටින් ඉන්න couple එකක්.මේ දෙන්නා දවසක් තීරණය කරනවා villa එකක නිවාඩුවක් ගත කරන්න යන්න.ඇත්තටම මෙතන තව apartment කීපයක්ම තියෙනවා.සති කිහිපයකින් මෙතන පදිංචියට එන්න තමයි මේ දෙදෙනා තීරණය කරලා තියෙන්නේ.නමුත් තවම නම් කවුරුත් මේ ගෙවල් වලට පදිංචියට ඇවිල්ලා නැහැ.මේ villa එක තවම ආරම්භ කරල නැහැ ඒ නිසා ටිකක් පාළු ගතියක් තිබුණත් නිදහසේ නිස්කලංකව කාලය ගත කරන්න තමයි මේ දෙදෙන මෙතෙන්ටට එන්නේ.නමුත් මෙතනට ආපු වෙලාවෙ දන්න වෙන්නේ විවිධ අද්භූත දේවල්.මේ අතරතුරේ මෙයාලා දකිනවා නම් සදහන් නොකළ කෙනෙකුගෙන් තෑග්ගක් විදියට චිත්‍රයක් හම්බවෙලා තියෙනවා.ඊට පස්සේ මෙයාල දකිනවා ළඟ ගෙදරක තව කවුරුහරි ඇවිල්ලා ඉන්නවා කියලා. ඒත් එහෙම වෙන්න විදියක් නෑනේ තාම කවුරුවත් පදිංචියට ඇවිල්ලා නෑ මෙයාලා දෙන්න විතරයි ඇවිල්ලා ඉන්නේ.ඉතින් මෙයාල දෙන්නා ගිහින් බලනවා ඇත්තටම ඒ කවුද කියලා.මේ වෙලාවේ තමයි මෙයාලා පුදුම විදිහට බය වෙන්නේ? ඇත්තටම මේ කවුද ඇයි මෙයාලා මෙච්චර බය වෙන්නේ?? ඒ ගැන දැනගන්නම් ඔයාලට මේ සුපිරි ෆිල්ම් එක බලන්නම වෙනවා.