Chhal Kapat
ගොඩක් වෙලාවට දැන් hindi web series හොඳ ලස්සන ඒවා නිර්මාණය වෙමින් තියෙනවා.ඒ අතරින් crime , mystery ,thriller catagory වල ඒවා ගොඩක් හොඳ තත්වයක තියෙනවා.Hindi ෆිල්ම්ස් වලට මම ලොකු කැමැත්තක් නැති වුණත් ළඟදී ආපු මේ web series වලට නම් ඇත්තටම මම ගොඩක් කැමතියි. අද ලියන්න යන්නේ මම අන්තිමටම බලපු web series එක ගැන.මේ web series එකට imdb 5ක අගයක් තමයි ලැබිල තියෙන්නෙ.කොහොම හරි මම මේකට වඩා හොඳ තත්ත්වය තියෙන hindi web series බලල තියෙන නිසා මේකට ලැබුණු rating ඒක ගැන පෞද්ගලිකව මම සෑහීමකට පත් වෙනව.Murder, Mystery කාණ්ඩවලට අයත් වෙන මේ වෙබ් සීරිස් එකේ episodes 7ක් තියෙනවා.හරි ඉතින් මුලින්ම web series එක ගැන පොඩි අදහසක් දෙන්නම්කෝ.
එක්තරා දවසක රෑ පැවැත්වුන විවාහ උත්සවයකටට පස්සේ පහුවෙනිදා උදේ හැමෝම දකිනවා කලින් දවසේ ආපු මනාලියගේ හොඳම යාළුවාගේ මළ සිරුර pool එකේ වැටිලා තියනවාා කියලා.හැමෝම හිතන්නේ එක්කෝ මේක හදිසි අනතුරක් නැත්නම් සියදිවි නසා ගැනීමක් කියලා.කොහොම හරි ඉක්මනටම මේ සිද්ධිය ගැන පොලිසිය දැනුවත් කරනවා.ඉතින් මේ මරණය ගැන විමර්ශන කටයුතු භාර භාරවෙන්නේ instector දේවිකාට.දේවිකා තමන්ගේ කණ්ඩායමත් එක්ක ඇවිල්ලා හැම දෙයක්ම පරීක්ෂා කරන්න පටන්ගෙන විමර්ශන කටයුතු ආරම්භ කරනවා.මෙතනින් හොයාගන්න ලැබෙන පුංචිම පුංචි හෝඩුවාවක් නිසා දේවිකාට තේරෙනවා මේක හදිසි අනතුරක්වත් සියදිවි නසා ගැනීමක්වත් නෙවෙයි මිනීමරුමක් වෙන්න ලොකු ඉඩ කඩක් තියෙනවාකියලා. ඉතින් පශ්චාත් මරණ පරීක්ෂණයෙනුත් දේවිකාගේ නිගමනය හරි කියලා කියන්න පුළුවන් සාක්ෂි කීපයක්ම ලැබෙනවා.ඒ නිසා දේවිකාට තේරෙනවා මිනීමරුවා ඉන්නේ එදා විවාහ උත්සවයට පැමිණි අය අතරේමයි කියලා.ඉතින් මේ මිනීමරුවට හේතුව මොකද්ද? ඇත්තම මිනීමරුව කවුද? ඒ ගැන දැනගන්න නම් ඔයාට මේ වසරේ නිකුත් වුන Chhal Kapat web series එක බලන්නම වෙනවා.