Criminal Justice

in Steem Sri Lanka6 days ago

1000034942.jpg
source

Criminal Justice කියන්නේ ඉන්දියාවෙ ආපු වෙබ් සීරීස් වලින් කිසිම සැකයක් නැතුව හොඳයි කියලා අගය කරන්න පුළුවන් ඉතා හොඳ තත්ත්වයේ තියෙන කතා මාලාවක්.කතා මාලාව තනිකර අපරාද හා සම්බන්ධව තමයි ගලා යන්නේ.එක් අභිරහස්‌ මිනීමරුවකින් පටන්ගෙන එන්න එන්න වැඩිවන කුතුහලයෙන් අන්තිමට හිතාගන්නවත් බැරි අවසානයක් තියෙන කතා මාලාවක් මේක.මම මේකේ පළවෙනි කතා මාලාව ආපු දවස් වලම වගේ බැලුවා.දෙවෙනි කතා මාලාව ඊයේ තමයි බලලා ඉවර වුනේ.ඒක නිසාම මට හිතුණා මේක ගැන අද ලිව්වනම් හොඳයි කියල.පළවෙනි සීරීස් එකයි මේ සීරිස් එකයි අතර කිසිම සම්බන්ධයක් නැහැ.ඒ නිසා ඔයාලට කැමති එකක් මුලින් බලන්න පටන් ගන්න පුළුවන්.ප්‍රධාන චරිතය විතරයි සමාන වෙන්නේ.හරි ඉතින් අපි බලමුකෝ මේකේ කතාව මොන වගේද කියලා.

සාරා කියන්නේ වයස අවුරුදු 14ක පාසල් යන වයසේ ගෑණු ළමයෙක්.ඒ වගේම ඉන්දියාවේ මේ දවස්වල ජනප්‍රියම ටෙලිනාට් එක ප්‍රධාන චරිතයට පණ පොවන්නේ සාරා.ඒ නිසාම සාරා කියන්නේ පොඩි වයසින්ම මුළු රටක්ම දන්න දක්ෂ ළමා නිළියක්.සාරාගේ පවුලේ ඉන්නේ එයාගේ අම්මයි තාත්තයි අයියයි.කොහොම හරි දවසක සාරාගේ පවුලේ අයයි සාරායි, නිවාඩුවක්ට පිටත් වෙලා යනවා.යන දවසේ නම් මුකුත්ම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.නමුත් පව් වැනිදා උදේ ඇහැරිලා බලද්දි සාරාගේ අම්මයි තාත්තයි දකිනවා සාරා කාමරයෙ නැති බව.හොයලා හෝඩුවාවක් නැති තැන පොලිසියට මේ ගැන දැනුම් දෙනවා.ඉතින් මේක සාමාන්‍ය අතුරුදන්වීමේ නඩුවක් නෙවෙයි, මොකද සාරා කියන්නේ අතිශය ජනප්‍රිය නිළියක්.පොලිසිය ඉක්මනින් විමර්ශන කටයුතු ආරම්භ කරනවා ඒ වගේම සැක කටයුතු දේවල් ටිකකුත් පොලිසියට හොයාගන්න පුළුවන් වෙනවා.කොහොම වුණත් ටික වෙලාවකින් සාර ගැන මේ අයට දැනගන්න ලැබෙන්නේ ගොඩක් දරුණු දෙයක්.ඇත්තටම මේ මොකක්ද? සාරාට මොකක් වෙලා ඇතිද? ඉතින් මොහොතින් මොහොත වැඩි වෙන කුතුහලයෙන් ඒ වගේම අතිශය සංවේදී අවසානයක් තියෙන කතා මාලාවක් තමයි මේක.මේ කතා මාලාවට දැනටමත් imdb 7.9ක දැවැන්ත අගයක් හිමි වෙලා තියෙනවා.ඉතින් ඔයාලට බලන්න කියලා බය නැතුව recommend කරන්න පුළුවන් කතා මාලාවක් තමයි මේකත්.

Sort:  

Criminal, murder mystery වලට addict වෙලා කාලයක් බැලුවා. දැන් නම් දිගටම K- Drama, Netflix විතරයි .

මාත් ගොඩක් K dramas තමයි දැන්නම් 😌