Criminal Justice - Season 1
හින්දි සිනමාවේ සිටින දැවැන්ත ගණයේ නළු නිළියන් අතරින් මම ආසව නළුවෙක් තමයි Madhav Mishra කියන්නේ.සමහරවිට ඔහු ඉන්න ෆිල්ම්.වල තියෙන අමුතුම විදියේ කතාව නිසත් වෙන්නන ඇති.ඊටත් එහාට ඔහුගේ රඟපෑම ගොඩක් දුරට තාත්විකයි. ඔහුට තියෙන කැමැත්ත අද ලියන්න යන වෙබ් සීරිස් එක නිසා තව තවත් වැඩි වුණා.මේක තමයි මම බලපු hindi web series වලින් උඩින්ම තියන්න පුළුවන් එක.මේකෙ සීසන් දෙකක් දැනට ඇවිල්ලා තියෙනවා.අද ලියන්න යන්නේ පළවෙනි එක ගැන.මේකට imdb 8.1ක දැවැන්ත අගයක් හිමි වෙලා තියෙනවා.2019 වර්ෂයේ නිකුත් වුණු මේ වෙබ් සීරිස් එක crime, thriller කියන කාණ්ඩ වලට තමයි යටත් වෙන්නේ.කතාව බලල නැත්නම් ආරම්භය ගැන පොඩ්ඩක් කියන්නම්කෝ එතකොට ඔයාලටත් ගොඩක් දුරට බලන්න හිතේවි.
ආදිත්‍ය කියන්නේ තරුණ පිරිමි ළමයෙක්.ආධිගෙ පවුලේ ඉන්නේ ඒ අයයි අම්මයි තාත්තයි අක්කයි විතරයි.ඉතින් මෙයාලට කැබ් සර්විස් එකක් තියෙනවා.ආදිත් වෙලාවක් තිබ්බොත් මේකේ හයර් දුවනවා.පවුලට උදව්වක් විදිහට.දවසක් ආදී හයට දුවලා ඉවර වෙලා වැඩ ඉවර කරද්දී තව හයර් එකක් වැටෙනවා.ඒ තරුණ ගැහැණු ළමයෙක් නම සනායා.ඉතින් ආදී ගෙදර යන එක පොඩ්ඩක් පරක්කු කරලා මෙ හයර් එකත් යන්න තීරණය කරනවා.ඒක තමයි ආදි ගන්න වැරදිම තීරණය.ඉතින් ආදී මෙයාව දාලා ආයෙ එන්න හදද්දි මේ ගැහැණු ළමයා ආදිට ආරාධනා කරනවා ගේ ඇතුලට.නමුත් ටික වෙලාවකින් ආදිට සිහියනමුත් ටික වෙලාවකින් ආදිට සිහිය එන්නේ කපලා කොටලා මරලා දාපු සනායගේ මළ සිරුර ලඟින්.ඉතින් මේ ඝාතනයට ආදිව තමයි ප්‍රධාන සැකකාරයා වෙන්නේ.ඒ වගේම සාක්ෂි ඔක්කොම වගේ හැරිලා තියෙන්නේ ආදිගෙ පැත්තට.ඉතින් මේක පිළිබඳ විමර්ශනය කරන්න නඩුව භාර ගන්නෙ මාදව් මිශ්රා කියන නීතිඥවරයා.ඉතින් මා දෙව් උත්සාහ කරන්නේ කොහොමහරි ආදීව බේරගන්න.ඉතින් ඇත්තම මිනීමරුව ආදී නෙවෙයිද එහෙනම් ඒ කවුද ඇයි ඇයව ඝාතනය කළේ? මේ සියලු ප්‍රශ්නවලට උත්තර ඔයාලට වෙබ් සීරිස් එක බැලුවනම් දැනගන්න පුළුවන්.