DONT KNOCK TWICE

in Steem Sri Lanka3 days ago

1000037505.jpg
source

වැඩිය හොල්මන් ෆිල්ම් බලන්න කැමති නැති මම දැන් ලඟදි ඉඳන් ඕනවට වඩා හොල්මන් ෆිල්ම් බලනවද මන්දා කියලා හිතෙනවා.කොහොම හරි අද ඔයාලා එක්ක බෙදා ගන්න ආවෙත් මම අන්තිමටම බලපු Horror film එක. මේක හොලිවුඩ් එකක්.2016 ආපු මේ ෆිල්ම් එක horror සහ action කියන කාණ්ඩ දෙකට තමයි අයත් වෙන්නේ.ඒ වගේම මේ ෆිල්ම් එකට imdb 5.1ක අගයක් හිමිවෙලා තියෙනවා.පටන් ගත්ත වෙලාවෙ ඉඳන් අවසානය වෙනකන්ම වෙන්නේ මොකක්ද කියලා හිතා ගන්න බැරුව බලන්න පුළුවන් වගේම අවසානයේදී බලන හැමෝම කම්පනයට පත් කරන්න පුළුවන් ෆිල්ම් එකක් තමයි මේක.හරි ඉතින් වෙනද වගේම ෆිල්ම් එක ගැන පොඩි අදහසක්් අරගමු.

ක්ලෝයි කියන්නේ තරුණ ගැහැනු ළමයෙක්.දවසක් ක්ලෝයි එයාගේ පෙම්වතා එක්ක පෙම්වතාගේ නම තමයි ඩැනී එක්ක යනවා මේ පැත්තෙ තියෙන පාළු ගෙයක් ලඟට.කාලෙකට කලින් මයිකල් කියලා පුංචි පිරිමි ළමයෙක් අතුරුදහන් වෙලා තියෙනවා.නමුත් ඒක සාමාන්‍ය අතුරුදහන් වීමක් නම් නෙවෙයි.මොකද මයිකල්ව පැහැරගෙන ගිහින් තියෙන්නේ නපුරු මායාකාරියක්.ගම්වාසීන් එකතුවෙලා කොච්චර මයිකල්ව හෙව්වත් මයිකල්ව හොයාගන්න හම්බවෙලා නැහැ.ඉතින් මේ නපුරු මායාකාරි ඉඳලා තියෙන්නේ මෙන්න මේ ගෙදර.මේ සිද්ධියෙන් පස්සේ එක මේ අය එකතුවෙලා මේ නපුරු මායාකාරිය මරන්න උත්සාහ කරලා තියෙනවා.ඒත් අවසානයේදී මායාකාරියා මේ මුළුකමටම ශාපකරල මේ ගෙදරම සියදිවි නසාගෙන තියෙනවා.ඉතින් මේ සිද්ධියෙන් පස්සේ ගමේ අය විශ්වාස කරනවා මේ මායාකාරිය මුළු ගමෙන්ම පළිගන්න බලාගෙන ඉන්න බවට.කවුරු හරි කෙනෙක් හැදිල්ලා මේ නපුරු මායාකාරියගේ ගෙදර දොරට දෙපාරක් තට්ටු කරොත් මේ නපුරු මායාකාරියගේ ආත්මයට නැත්නම් අවතාරයට එළියට එන්න පුළුවන් වෙනවා.නමුත් ක්ලෝයි සහ ඩැනියෙල් මේක විශ්වාස කරන්නේ නැහැ.ඒ නිසාම ඔවුන් දොරට තට්ටු කරලා බලනවා.නමුත් මේකෙන් පස්සේ වෙන්න නම් ඔවුන්ට හිතාගන්නවත් බැරි දෙයක්.ඉතින් මේ දෙන්නට මොන වගේ කරදර වලට මුහුන පාන්න සිද්ධ වේවිද? ඒ ගැන දැනගන්න නම් ඔයාට මේ ෆිල්ම් එක බලන්න වෙනවා.