Escape From Pretoria
ඉතින් යාළුවනේ ඔයාලා හැමෝම පරිස්සමෙන් ඇති කියලා හිතනවා.ඇත්තටම කියන්න දෙයක් නැති සුපිරිම ෆිල්ම් එකක්.කැඩිල , බිඳිලා මානසික වැටිලා ඉන්න මිනිස්සුන්ට ඒකෙන් ගොඩ එන්න සුපිරිම සුපිරි ෆිල්ම් එකක් තමයි මේක.මොකක්ද මෙච්චරට මේ කියන ෆිල්ම් එක. 2020 වර්ෂයේ නිකුත් උන මේ සුපිරි ෆිල්ම් එක ඔයාලා බලලා තියෙනවද? ජීවිතය ගැන අන්තෙටම කලකිරිලා කරන්න දෙයක් හිතාගන්න බැරුව ඉන්න කෙනෙක්ට නම් අරමුණක් නැතුව ඉන්න කෙනෙක් නම් ඔයා මේ ෆිල්ම් එක බලන්නම ඕන. මානුෂීය මෙහෙයුමක් වෙනුවෙන් කැපවුණු තරුණයින් දෙදෙනෙක්ට සිදුවන අසාධාරණ අවාසනාවන්ත සිදුවීමක් මුල් කරගෙන තමයි මේ කතාව යන්නේ.ඒක නෙවෙයි හොඳම කතාව, මේ ෆිල්ම් එක ගොඩනගල තියෙන්නෙ සත්‍ය කතාවක් පදනම් කරගෙනයි.
ෆ්‍රැන්සිස් අනන් කියන අධ්‍යක්ෂකවරයා විසින් අධ්‍යක්ෂණය කරපු මේ ෆිල්ම් එකට Imdb chart එකේ 6.8 අගයක් ලැබිලා තියෙනවා. මම පෞද්ගලිකව ඊට වඩා මේකට ලැබෙන්න ඕන කියලා හිතනවා.Crime , Thriller , Biography , Mystery ,Action කියන කාණ්ඩ කීපයටම මේ ෆිල්ම් එක අයත් වෙනවා.ඉතින් මේකේ ප්‍රධාන චරිත දෙක රඟපාන්න තරුණයන් දෙදෙනාගේ එක් තරුණයෙක් තමයි Harry Potter කතා මාලාවේ Harry ලෙස රංගනයෙන් දායක වුණු තරුණයා.ඉතින් මේ කතාවෙන් අපිට අමුතුම අමුතු ආදර්ශ කිහිපයක්ම ලබා දෙනවා.කිසිම දෙයක් නිසාවත් තමන්ගේ අරමුණු නැති නොකර ගත යුතු බවත්, ජීවත් වෙලා ඉන්න ටික කාලෙ ඉන්නවට ඉන්න ජාතියෙ කෙනෙක් නොවිය යුතු බවත්, එන බාධක වලට අපි අනිවාර්යෙන්ම මුහුණ දිය යුතු බවත් වගේම ඒ ප්‍රශ්නවලට උත්තර තියෙන තමන් ළඟම බවත් මේ ෆිල්ම් එකෙන් හරි අපූරුවට අපිට කියලා දෙනවා.ඉතින් මේ ෆිල්ම් එකත් බලලම කියන්නකෝ ඔයාලගේ අදහස මොන වගේද කියලා.