HEAT
අද ලියන්න යන්නේ මෙම කාලෙකට කලින් බලපු ෆිල්ම් එකක් ගැන. මේ ෆිල්ම් එක ගැන ඇත්තටම මට ලියන්න හිතුනේ මූණු පොතේ සැරිසරනු එක පෝස්ට් එකක් නිසා.එයින් සිදුවුනු මතක ආවර්ජනය නිසා මට මේක ලියන්න හිතුනා.මේ ෆිල්ම් එක ගොඩක් පරණ එකක් ඇත්තටම 1995 වර්ෂයේ තමයි ෆිල්ම් එක released වෙන්නෙ.ඒ වුනාට කතාව නම් තවමත් මම හිතන්නේ හොඳම තත්ත්වයක තියෙනව.ඒ නිසාම මේ ෆිල්ම් එකට imdb 8.3ක අති දැවැන්ත අගයක් හිමි වෙලා තියෙන්නේ ප්‍රේක්ෂක මනාප සෑහෙන්න ප්‍රමාණයකින්.හොලිවුඩ් සිනමාවේ සත්‍ය කතාවක් ඇසුරෙන් ගොඩනැඟුනු ෆිල්ම් එකක් තමයි මේක.Action ,Crime , Drama , Epic සහ Gangster කියන කාණ්ඩ කීපයට මේ ෆිල්ම් එක අයත් වෙනවා.ලෝකයේ හොඳම චිත්‍රපට 250 අතරින් තවමත් 107 ස්ථානය හිමිකර ගන්න මේ ෆිල්ම් එක සමත් වෙලා තියෙනවා.ඉතින් ක්‍රියාදාම සහ කුතුහලයේ පිරුණු මේ ෆිල්ම් එක ගැන පොඩි හැඳින්වීමක්කරන්නම්.
ලොස් ඇන්ජලිස් නුවර professional හොරු කණ්ඩායමක් ඉන්නවා.දවසක් මේ අය වටිනාකමින් ගොඩක්ම වැඩි බැංකු සුරැකුම්පත් තියෙන වාහනයක් පැහැරගන්නව.ඊට පස්සේ මේ අය ඒ දේවල් අයිති අයටම විකුණන්න සැරසෙනවා ලොකු ගණනකට.නමුත් මේක කරන්න යද්දි ආරක්ෂක අංශයට මේ ගැන දැනගන්න ලැබෙනවා.කොහොම හරි පළවෙනි වැඩේ ශේප් කරගත්තත් දෙවැනි සහ අවසාන වැඩේ විදියට බැංකුවක් කොල්ල කන්න මේ අය ප්ලෑන් කරනවා.ඉතින් ඒක මේ අයට කරගන්න පුළුවන් වෙයිද බැරි වෙයිද කියලා දැනගන්න නම් ඔයාට මේ කුතුහලය පිරුණු සුපිරි ෆිල්ම් එක බලන්නම වෙනවා.