Narivetta

in Steem Sri Lanka5 days ago

1000033940.jpg
source

Crime & Thriller කාණ්ඩුවේ ඉන්දියාවෙන් බිහිවෙන ෆිල්ම් ගැන කතාකරනකොට ඒකේ ඉහළම තැනක් හිමිවෙන්නේ මලයාලම් ෆිල්ම් වලට.මම හිතන්නේ ඒක ඔබත් මමත් එකඟ වෙන කරුණක් කියලා.ඉතින් ඒ අතරිනුත් ටොවීනෝ තෝමස් කියන්නේ මම දැකපු සුපිරිම නළුවෙක්.ඒ වගේම තමයි මම බලපු ඔහු ඉන්න ෆිල්ම් ගොඩක් ඒව වල script එක ඉතා ඉහළ අගයක තියෙනවා.හරි ඉතින් අද අරගෙන ආවෙත් ටොවීනෝ තෝමස්ගේ crime සහ thriller කාණ්ඩයේ මේ වසරේ නිකුත් වුණු සුපිරි මලයාලම් ෆිල්ම් එකක්.මේක ඔයාලා බලල නැත්තං කිසිම සැකයක් නැතුව මම recommend කරන ෆිල්ම් එකක් මොකද වෙනස්ම විදියේ කුතුහලය පිරුනු සංවේදී කතාවක් තමයි මේ ෆිල්ම් එකට තියෙන්නේ.හරි ඉතින් ෆිල්ම් එකේ කතාව පටන් ගන්නේ මෙන්න මේ විදියට.

වර්ගීස් කියන්නේ ගොඩක් හොඳින් ඉගෙන ගත්ත තරුණ පිරිමි ළමයෙක්.ඒත් වර්ගීස්ට තවම රස්සාවක් නැහැ.රස්සාවක් සඳහා යන්න වර්ගීස්ට ඕන තරම් අවස්ථා තියෙනවා , නමුත් වර්ගීස් හිතුමනාපෙට රස්සාවකට යන්නේ නැහැ, වර්ගීස් බලන් ඉන්නේ තමන්ගේ අධ්‍යාපන සුදුසුකම්වලට ගැළපෙන රස්සාවක් හම්බවෙනකන්.නමුත් කිසියම් හේතුවක් නිසා වර්ගී සිට පොලිස් කොස්තාපල් කෙනෙක් විදිහට රස්සාවට බැඳෙන්න සිද්ධ වෙනවා, ඒ හේතුව ෆිල්ම් එකෙන් ඔයාට දැනගන්න පුළුවන්.රස්සාවෙන් පස්සේ පළමු මෙහෙයුම විදිහට වර්ගිස්ලව කැලෑවක් ඇතුලෙ මෙහෙයුමකට දානව.මමත් මේ කැලේ ඇතුළෙ තිබිල කෙනෙක්ගෙ මළ සිරුරක් මොවුන්ට හමුවෙනවා.මෙන්න මේ සිද්ධියෙන් පස්සේ වර්ගීස් එක සම්පූර්ණ ජීවිතයම උඩුයටිකුරු වෙන්න පටන් ගන්නවා. ඉතින් එහෙම වෙන්නේ ඇයි? මේ මල සිරුර ඇත්තටම කාගෙද? ඔන්න ඔය ප්‍රශ්න එක්ක තමයි මේ ෆිල්ම් එක පටන්් ගන්නේ.ඉතින් පටන් ගත්ත වෙලාවෙ ඉඳන් කුතුහලයෙන් බලන්න පුළුවන්, සමාජය අඳුරු පැත්තක් ගැන කියල දෙන සංවේදී කතාවක් තමයි මේ ෆිල්ම් එකේ තියෙන්නෙ. ඉතින් ඔයාලත් බලලා අදහස මේකෙන් ලියාගෙන යන්න.