Ten Hours

in Steem Sri Lanka7 days ago

1000032022.jpg

source

ඉතින් ටික දවසකට පස්සෙ ඔන්න ආයෙත් අරගෙන ආවෙ මේ අවුරුද්දෙ නිකුත් වෙච්ච ලස්සන මලයාලම් ගිල්ම් එකක්. මලයාලම් ෆිල්ම් කිව්වම ඉතින් හොදම ඒව තියෙන්නෙ crime සහ thriller කාණ්ඩයේ ඒව තමයි.අදත් අරගෙන ආවෙ ඒ වගේ මොහොතින් මොහොත වැඩිවෙන කුතුහලයෙන් බලන්න පුලුවන් අති සංවේදී කතාවක් තියෙන ෆිල්ම් එකක්.මේ ෆිල්ම් එකට imdb 5.8ක ඉහල අහගයකුත් ලැබිල තියෙනව.crime, suspense , thriller , murder, mystery කියන කාණ්ඩ කීපයටම අයත් වෙන ලොකු අභිරහසක් හැංගිලා තියෙන මේ ෆිල්ම් එකේ කතාව ගැන පොඩ්ඩක් මුලින්ම කියන්නම්කො.

තරුණ ගැහැනු ලමයෙක් අතුරුදහන් කියල පොලීසියට පැමිණිල්ලක් ලැබෙනව.පොලීසිය ඒ සිද්ධිය ගැන විමර්ශන කටයුතු ආරම්භ කරනව.ඉතින් ඔන්න මේ අතරතුරේදී අධිවේගී මාර්ගයක ගමන් කරමින් තිබෙන බස් රථයක් ඇතුලෙ කවුදෝ පිරිසක් තරුණ ගැහැනු ලමයෙක් මරන්න උත්සාහ කරනව කියල කෙනෙක්ගෙන් පොලීසියට කෝල් එකක් එනව.පොලිසිය මේ අතුරුදහන් වුන මේ ගැහැනු ලමයා ගැන හොයන අතරතුරේදී මේ සිද්ධිය ගැනත් හොයල බලන්න යනව. ඉතින් මේ බස් එක නතර කරලත් බලනව. නමුත් ඒ තොරතුරේ තිබෙන විදියට බස් එකේ ඒ ගෑනු ලමයෙක්ට කිසි කරදාරයක් වෙලා කියලනම් පේන්න නෑ.ඒත් ඒ වෙනුවට පොලීසිය මේ බස් එක පරීක්ශා කරල බලද්දි හොයාගන්නව මේ බස් එකේ ගමන්.ගනිමින් හිටපු මගියෙක්ගෙ මලසිරුරක්.ඉතින් දැන් මේක මිනීමැරුම් නඩුවක්.පොලිසිය මේ සිද්ධිය ගැනත් විමර්ශනය කරන්න පටන් ගන්නවා.නමුත් මෙතන තියෙන හිතා ගන්නබැරිම අභිරහස්ම දේ තමයි මේ බස් එක ඇතුලෙ මිනීමරුමක් වෙනවා කියලා බස් එකෙන් ගියපු කිසි කෙනෙක් දැකලා නැහැ.ඒ වගේම මේ බස් එක ගමන් ආරම්භ කරාට පස්සේ කොහෙවත් නවත්තලත් නෑ.එහෙනම් මේ මිනී මැරුම වුණේ කොහොමද? මේ ඝාතනයට ලක්වෙලා ඉන්න කවුද? මේ පිරිස අතර මිනීමරුව ඉන්නවද? මුලින්ම අතුරුදහන් වුණ ගැහැනු ලමයගෙ නඩුව මේක හා සම්බන්ධ වෙනවද? ඒ ගැන දැනගන්න ඔයාට ම්‍රෙ ෆිල්ම් එක බලන්නම වෙනව.