The 33
ඉතින් ඔයාල හැමෝම පරිස්සමෙන් ඇති කියල හිතනව.අද ලියන්න යන්නේ අති සංවේදී ෆිල්ම් එකක් ගැන.ඊටත් වඩා සංවේදී එක තමයි මේක සත්‍ය කතාවක් ඇසුරින් පදනම් වෙච්ච ෆිල්ම් එකක් වීම.කාලෙකට පස්සේ තමයි මට ෆිල්ම් එකක් බලන්න පුළුවන් වුණේ.ටික කාලයක් වැඩත් එක්ක ෆිල්ම් බලන්න වගේම article එකක් දාන්නත් පුලුවන් උනේ අහම්බෙන් හම්බෙච්ච වෙලාවක.ඒ නිසාම ටිකෙන් ටික ෆිල්ම් බලන එක මගහැරුනා කියනවටත් වඩා හොඳම දේ තමයි වෙලාවක් තිබ්බේ නැති එක.කොහොම හරි වැඩ පොඩ්ඩක් free වෙලා නිදහසේ ඉන්න වෙලාවක යාළුවෙක්ගෙ ගෙදර යන්න හිතුණේ පොඩි කයියක් දාලා නිදහසේ දවස ගෙවා ගන්න.ඉතින් හැමදාම වගේ මම යන යාළුවගෙ ගෙදර එදත් ගියේ ඌට වදදෙන්න හිතාගෙන.අපි දෙන්න කැමති ගොඩක් දේවල් එක වගේ වුණත් ෆිල්ම් වල රසවින්දනේ අතින් අපි දෙන්න සෑහෙන්න පරස්පර විරෝධීයි.හොල්මන් ෆිල්ම් වලට මම දැඩි අකැමැත්තක් පෙන්නන අතර යාළුව වැඩියෙන්ම කැමති හොල්මන් ෆිල්ම් වලට.ඉතින් ඌ මම ගෙදර ආවම කොහොම හරි සෙට් කරගන්නවා හොල්මන් ෆිල්ම් එකක් බලන්න.
අකමැත්තෙන් උනත් මටත් ඒකට අන්තිමට කැමති වෙන්න වෙනවා.එහෙම බලපු ෆිල්ම් දැනෙනවා ඔයාලත් එක්ක ඉඳලා හිටලා බෙදාගන්නේ.හරි ඉතින් මෙදානම් අපි දෙන්නම කැමතිම එක ෆිල්ම් එකක් තිබුණා හොල්මන් නොවෙන.මම කිව්වා වගේම සත්‍ය කතාවක් ඇසුරින් පදනම් වෙච්ච මේ ෆිල්ම් එකේ කතාව වෙන්නේ ලොව බිහිසුනුම මුදවා ගැනීමේ මෙහෙයුමක් සම්බන්ධවයි.මේකේ කතාව කෙටියෙන් පොඩ්ඩක් පැහැදිලි කරන්නම්.චිලී දේශයේ පතළක වැඩ කරන්න පුරුදු පරිදි පතල්කරුවන් යනව.නමුත් හදිසියේම කවුරුවත් නොසිතපු භයානක දෙයක් සිද්ධවෙනවා.මේ පතල කඩාගෙන වැටෙනවා.ඉතින් මේකත් සමගම පතල්කරුවන් තිස්තුන් දෙනෙක් අඩි 700 යට හිර වෙනවා අධික උෂ්ණත්වයක් සහ කන්න බොන්න තියෙන සෑම දෙයක්ම අධික සීමිත තත්ත්වයක් යටතේ.ඔන්න ඕකත් එක තමයි මේකෙ කතාව ආරම්භ වෙන්නේ.ඉතින් මොකද හිතන්නේ මේ පතල්කරුවන්ට තමන්ගේ ජීවිතය බෙරගන්න පුළුවන් වෙයිද? මේ ෆිල්ම් එකට imdb 6.9ක ඉහළ අගයකුත් ලැබිලා තියෙනවා.ඔයාලත් නිදහසේ ඉන්න වෙලාවක බලන්න නියම ෆිල්ම් එකක් තමයි මේක.