The Big Short

in Steem Sri Lanka13 hours ago

1000038149.jpg
source

ඇමරිකන් ඉතිහාසයේ සිදුවුනු විශාලතම financial crisis එක සහ ඒ ගැන කියවන සත්‍ය කතාවක් මත පදනම්ව 2015 වර්ශයේ නිර්මාණය වුණු ෆිල්ම් එකක් ගැන තමයි අද ලියන්න යන්නේ.නමින්ම හිතාගන්න පුළුවන්නේ මොන වගේ ෆිල්ම් එකක්ද කියලා මේක.මේ ෆිල්ම් එකට imdb chart එකේ 7.8ක තරම් ඉහළ අගයක් හිමිවෙලා තියෙන්නේ ලක්ෂ පහකට එහා ගියපු ප්‍රේක්ෂක ප්‍රතිචාර අතරේ.ඒ වගේම තමයි biography , drama, history සහ comedy කියන කාණ්ඩ කීපයටම යටත් වෙන මේ ෆිල්ම් එක ඔස්කාර් සම්මාන එකක් සහ තවත් සම්මාන තිස් හතකට හිමිකම් කියන්න සමත් වෙලා තියෙනවා.Adam Mckay කියන අධ්‍යක්ෂකවරයා විසින්.Christian Bale සහ Bradman pit කියන අති දක්ෂ ජනප්‍රිය නලුවන් දෙදෙනා සහ තවත් කිහිපදෙනෙක් ප්‍රධාන චරිත ලෙස රංගනයෙන් දායක වෙනවා.

මේක ඇමරිකාවට විතරක් නෙවෙයි මුළු ලෝකයටම බලපාපු දෙයක්.මොකද ඇමෙරිකාවට දෙයක් වුණොත් ඒක මුළු ලෝකයටම බලපානවා කියල මේ දවස්වල ට්‍රම්ප් ගහන තීරු බදු වලින්ම ඔයාලට තේරෙනවනේ.නමුත් ඇමරිකාවට මේක වුනු ලොකු මූල්‍ය අර්බුදයක් වුණත් මේ ගැන කල් තියා දැනගත්ත ආයෝජකවරයෙක් ඩොලර් බිලියන දෙකකට එහා ගියපු ලාභයක් උපයන්න සමත් වෙනවා.ඔයත් ආයෝජනය සම්බන්ධයෙන් උනන්දුවක් සහ ඒකට කැමැත්තත් දක්වන කෙනෙක් නම් මේ ෆිල්ම් එක ඔයා අනිවාර්යයෙන්ම බලන්න ඕනේ.ඉවසීම කැපවීම උත්සාහය සහ දුර දක්නා නුවණ තුලින් තීරණ ගැනීමේ හැකියාව දියුණු කරගත්තොත් ජීවිතය හරි ලස්සනට ගොඩදාගන්න හැටි කදිමෙට පෙන්වන ෆිල්ම් එකක් තමයි මේක.
</justify">