The Founder

in Steem Sri Lankalast month

1000024468.jpg
source

ඉතින් යාලුවනේ ඔයාලා හැමෝම පරිස්සමෙන් ඇති කියලා හිතනවා.අද අරගෙන ආවේ කාලෙකට පස්සේ motivational type එකේ ෆිල්ම් එකක්.උත්සාහ කරොත් මේ ලෝකේ කරන්න බැරි කිසි දෙයක් නෑ කියලා ඔප්පු කරන්න පුළුවන් චිත්‍රපටියක් තමයි මේක.ජීවිතයේ වැටෙන්න ඕන අඩියටම වැටුණත් ඒ කිසිම දෙයකින් නොසැලී ජීවිතයට එන දුක් කම්කටොළු අතරින් ව්‍යාපාරික ලෝකය දික්විජය කර Mcdonald's නිර්මාතෘවරයාගේ කතාව තමයි මේ.2016 වර්ෂයේ නිකුත් වූ The Founder කියන මේ ෆිල්ම් එක imdb මීටරේ 7.2ක ඉහල අගයක් ගන්නත් සමත් වෙලා තියෙනවා.Drama ,Biography කියන කාණ්ඩ කීපයටම අයත් වන මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිත හතරක් විතර රංගනයෙන් දායක වෙනවා.

වයස කියන්නේ ඉලක්කමක් විතරයි කියලා මේ ෆිල්ම් එකෙන් ඔයාට හොඳටම තේරුම් ගන්න පුළුවන්.ඉතින් අලුත් සිතුම් පැතුම් එක්ක කොහොම හරි මැච් එකක් ගහගන්න හිතන් ඉන්නවනම් ඒ වෙනුවට ප්ලෑන් කරලා වරදින්නේ නැතිව ඔයාගේ කඩඉමට යන්න, දියුණු වෙන්න පිපාසයෙන් නම් ඔයා ඉන්නේ මේ ෆිල්ම් එක ඔයාටම ගැලපෙන ෆිල්ම් එකක්. ඉතින් මේ නිර්මාතෘ ඔහුගේ ජයග්‍රහණයට යන ගමනේ ගන්න පුළුවන් ආදර්ශ බොහෝමයක් තිබෙන අතරේම මම පෞද්ගලිකව සහ පොදුවේ අනුමත කරන්නත් බැරි බොහොමයක් තියෙනවා මේ කතාව ඇතුලේ.ඉතින් අද නම් මේ ෆිල්ම් එක ගැන කිසිම දෙයක් කියන්න යන්නේ නැහැ.මොකද මේ ගැන පැහැදිලි කරන්නත් මට අමාරුයි ඒක බලලම ඔයාලා ගන්න ඕන ෆීලින් එකක්.ඉතින් මේ ෆිල්ම් එක බැලුවට පස්සේ නම් ඔයාලට ජීවිතය වෙනස් කරගන්න idea එකක් එනව කියල ලොකු අදහසක්ක් තියෙනවා.

Sort:  

I have watched this movie. It's a nice one

Yes it is 🤩❤️