The Irishman

in Steem Sri Lankalast month (edited)

1000029628.jpg
source

ඉතින් යාලුවනේ කොහොමද? කලින් දවසේ අරගෙන ආවේ horror ෆිල්ම් එකක්නෙ.අද අරගෙන ආවේ හොලිවුඩ් සිනමාවේ මම ආසම අධ්‍යක්ෂකවරයෙක් වන Martin Scorsese විසින් අධ්‍යක්ෂණය කරන ලද ෆිල්ම් එකක්. Martin Scorsese කියන්නේ හොලිවුඩ් සිනමාව හොල්ලපු අධ්‍යක්ෂකවරයෙක්.ඔහු ඔවු ඔයාට මතක ඇති කලින් මම අරගෙන ආපු The Departed movie එකේ අධ්‍යක්ෂකවරයත් මොහුම තමයි.Good Fellas, Casino , Shutter Island සහ The Wolf Of wall Street කියන ෆිල්ම් දැනටමත් මම ඔයාල එක්ක බෙදාගෙන තියෙනවා.ඉතින් ඔයාලා දැනටමත් දන්නවනේ ඒ ෆිල්ම් මොන වගේ තත්ත්වයකද තියෙන්නේ කියලා. මේකත් ඊට දෙවැනි වෙන්නේ නැහැ, ඒ තරමටම සමහරවිට ඊටත් එහාට ගියපු බලපු ලස්සන ෆිල්ම් එකක්.

මට මේ අධ්‍යක්ෂවරයා විසින් අධ්‍යක්ෂණය කරන ෆිල්ම් ඔක්කොම එක හා සමාන විදියට කුතුහලය ත්‍රාසය භීතිය පිරුනු ඒව , ඒ නිසා මේක මීට වඩා හොඳයි. අරක මීට වඩා හොඳයි කියලා කියන්න අමාරුයි.2019 නිකුත් වෙච්ච මේ ෆිල්ම් එක Imdb chart එකේ 7.8ක දැවැන්ත අගයක් ගන්න සමත් වෙලා තියෙනවා.Crime, Epic, Thriller, Gangster කියන කාණ්ඩ කීපයටම මේ ෆිල්ම් එක යටත් වෙනවා.ඉතින් ඔස්කාර් සම්මාන දහයක් දිනාගෙන තියෙනව කිව්වම තවත් ඉතින් වෙන මොනවද? ඉතින් ඒ විතරක්ම නෙවෙයි.නිර්දේශ වීම් 359 ට ඇතුළත් වෙලා තියෙන Irish Man ෆිල්ම් එක එයින් සම්මාන 73ක් දිනාගන්නත් සමත් වෙලා තියෙනවා.ඉතින් ඉතින් අදත් ෆිල්ම් එක ගැන පොඩි අදහසක් දේවි කියලද හිතන් ඉන්නේ.නෑ අද නම් ෆිල්ම් එක ගැන පොඩ්ඩක්වත් කියන්නෙ නෑ.ඔයාලා මේකම බලන්නම ඕනේ බලල රස විදින්න ඕන ෆිල්ම් එකක් මේකනම්.

Sort:  

Thank you for sharing on steem! I'm witness fuli, and I've given you a free upvote. If you'd like to support me, please consider voting at https://steemitwallet.com/~witnesses 🌟