The Jacket

in Steem Sri Lanka2 days ago

1000050891.jpg
source

ඉතින් යාළුවනේ ඔයාලා හැමෝම පරිස්සමෙන් ඇති කියලා හිතනවා. සාමාන්‍යයෙන් මම බලන ෆිල්ම් වලින් බලන්න ආසම ෆිල්ම් catagory එක තමයි Time travel ෆිල්ම්ස්.මම ඒ කාලේ ඉඳන් අද වෙනකම්ම ඒ ෆිල්ම් වලට මාර ආසයි.ඉතින් මං මේ ෆිල්ම් එක කලින් බලල තිබුනත් ලඟදිත් ආයිත් පාරක් බලන්න අහම්බෙන් හම්බුන නිසා ෆිල්ම් එකේ මතකය යළි අලුත් උනා.ඒ නිසාම ෆිල්ම් එක ඔයාලත් එක්කත් බෙදාගන්න මට හිතුනා.අපි බලන ෆිල්ම්ස් වලින් හිතට වදින ෆිල්ම් තියෙන්නේ පොඩි ප්‍රමාණයක් විතරයි.ඒක කාලයක් යනකන් අපේ හිතේ තදින් රැදිලා තියෙනවා.මේ ෆිල්ම් එකත් ඒ විදියේ සංවේදී අවසානයක් තියෙන ලස්සන ෆිල්ම් එකක්.imdb 7.1ක ඉහල අගයක් හම්බවෙලා තියෙන මේ ෆිල්ම් එක released වෙන්නේ නම් ළඟදි නෙවෙයි , 2005 අවුරුද්දෙ.ටිකක් කල් උනාට ෆිල්ම් එකේ කතාව වගේම රසය ඉතාමත් ඉහල අගයක තියෙනව.ඉතින් ෆිල්ම් එක ගැන පොඩි අදහසක් දීලාම ඉන්නම්කෝ.

ජැක් කියන්නේ කලින් හිටපු සොල්දාදුවෙක්.නමුත් හදිසි අනතුරක් නිසා ජැක්ට මානසික ආබාධයක් සිදුවෙලා තියෙනවා.ඒ වගේම ජැක්ට මිනීමැරුම් චෝදනාවකුත් තියෙනවා.ඒ නිසාම ජැක්ව දානවා අපරාධකාරයෙන් සිටින මානසික රෝහලකට.ඉතින් මේ රෝහලේ ඉන්නවා බෙකර් කියලා වෛද්‍ය නිලධාරියෙක්.බෙකර් හොර රහසේම අද්භූත පරීක්ෂණයක් සිදු කරමින් යනව.ඉතින් මේ රෝහලේ ඉන්නේ අපරාධකාරයන් නිසා ඔවුන්ට මොනව උනත් හොයන්න කවුරුත් වැඩියය නැහැ.ඉතින් මේ පරීක්ෂණයට ජැක්වත් යොදාගන්නවා.මුලින්ම ජැක්ව මත් කරල ඉවරර වෙලා ජැක්ට අමුතු විදිය ජැකට් එකක් අන්දලා මෝචරිය තියෙන ලාච්චුවක් ඇතුලට ජැක්ව දානවා . ඔන්න ඔතනින් තමයි අමුතුම විදියේ දේකට ජැක්ට මුහුණ දෙන්න සිදු වෙන්නේ.ජැක් කාලය හරහා ගමන් කරන්න පටන් ගන්නවා.ඉතිං ජැක් යන්නේ අතීතයටද අනාගතයටද? ජැක්ට මොන විදිය භයානක දේවල් වලට මුහුණ දෙන්න සිදුවේවිද? ඒ ගැන දැනගන්න නම් ඔයාට මේ සංවේදී ෆිල්ම් එක බලන්නම වෙනවා.