The Prestige

in Steem Sri Lanka13 days ago

1000030121.jpg

source

ඉතින් අද අරගෙන ආවේ කවදත් තමන්ගේ නිර්මාණ වලින් ප්‍රේක්ෂකයන්ගෙන් මොළේ ගැටගහන ක්‍රිස්ටෝපර් නොලන්ගේ අද්විතීය සිනමා නිර්මාණයකුයි.ඉතින් මං මේ ඔයාලෙක බෙදාගන්නේ නොලන්ගේ දෙවනන නිර්මාණයයි.මතකයි නේද මම කලින් Memento ෆිල්ම් එකත් ඔයාල එක්ක බෙදා ගත්තා.ඉතින් නොලන් විසින් නිර්මාණය කරන ලද සුපිරි නිර්මාණ කිහිපයක්ම තියෙනවා.ඒ අතරින් Oppenheimer, Tenet , Dark Night සහ Insomnia මම බලපු සුපිරිම ෆිල්ම් වලින් කීපයක්.ඒ වගේම තමයි මේ ෆිල්ම් එක Imdb chart එකේ 8.5ක අති දැවැන්ත අගයකුත් ලබාගන්න සමත් වෙලා තියෙනවා.ඔස්කාර් නිර්දේශ වීම් දෙකක් සමග සම්මාන හයකුත් දිනාගන්න මේ ෆිල්ම් එක සමත් වෙලා තියෙනවා.ඒ වගේම තමයි ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයේ හොඳම චිත්‍රපට 250 අතරින් මේ වෙද්දි 41 වෙනි තැන වෙන්කර ගන්නත් මේ ෆිල්ම් එක සමත් වෙලා තියෙනවා.Mystery , Thrilller, Drama සහ Tragedy කියන කාණ්ඩ කීපයට මේ ෆිල්ම් එක යටත් වෙනවා.

ම්ම්ම් කොහොමද ඉතින් ෆිල්ම් එක ගැන ඔයාලට කියන්නෙ හරියටම.හරි මෙහෙම කියන්නම්කො.මේක තනිකරම මැජික් එකක් වගේ ෆිල්ම් එකක්.මං හිතන්නේ ඒක තමයි ෆිල්ම් එක ගැන කියන්න පුළුවන් හොඳම විදිය.සාමාන්‍යයෙන් ෆිල්ම් එක බ්ලද්දි අවසානයක් ගැන පොඩි අදහසක් හරි එනවනේ.මම මේ ෆිල්ම් එක බලද්දිත් ඒ විදියම තමයි.ටිකක් ඒ අදහසින් බලාගෙන යද්දී සම්පූර්ණ කතාව වෙනස් වෙනවා.ආයෙත් වෙන අදහසකින් බලන් යද්දි ආයිත් ඒ වැඩේම වෙනවා.අන්තිමට ෆිල්ම් එක ඉවර උනාම වුනේ මොකද්ද කියලවත් හිතාගන්න බෑ.ෆිල්ම් එක බලලා ඉවර වුනාම අපිට හිතෙනවා හරියට ෆිල්ම් එක බලල නෑ හරි මායාවකට රැවටිලාා හරි කියලා.ඉතින් ඔයාලත් බලල ඔයාලගේ අදහස මොන වගේද කියලා කියන්නකො.

Sort:  

SPOT-LIGHT TEAM: Your post has been voted on from the steemcurator07 account.

Thank you for your valuable efforts! Keep posting high-quality content for a chance to receive more support from our curation team.

WhatsApp Image 2025-06-29 at 15.12.51_2f3c3c85.jpg