The Undoing

in Steem Sri Lanka3 days ago

1000040827.jpg
source

ඉතින් යාළුවනේ ඔයාලා හැමෝම පරිස්සමෙන් ඇති කියලා හිතනවා.ඉතින් අද වෙනසකටත් එක්ක අරගෙන ආවේ මම බලපු හොදයි කියල recommend කරන්න පුළුවන් web series එකක්. මේක මම ළඟදිම බලපු එකක්.මේකත් අවසානයේ දරුණුවටම ශොක් වෙන සුපිරිම ගණයේ කුතුහලය උපරිම අභිරහස්‌ මිනීමරුමක් ගැන කතාවක් තමයි මේකේ තියෙන්නේ.මේක මහ අමුතුම කතාවක් තියෙන එකක්.ඒ නිසාම මං හිතනවා ඔයාල මගහැරගන්න හොඳ නැති එකක් කියලා මේක.ඒ ගැන ඇත්තටම ඔයාලට කතාවේ අන්තිමටම තේරුම් ගන්න පුළුවන්.2020 වර්ෂයේ නිකුත් වුනු මේ web series එකට imdb 7.4ක ඉතා ඉහළ අගයක් හිමි වෙලා තියෙනවා.ඒ වගේම තමයි මේක murder, mystery , thriller කියන කාණ්ඩ වලට අයත් වෙන සීරිස් එකක්.හරි ඉතින් කතාව ගැන මුලින්ම පොඩි අදහසක් දෙන්නම්කෝ.

එලිනා කියන්නේ දරුවන් දෙදෙනෙකු ඉන්න අම්මා කෙනෙක්.ඒ වගේම තමයි රූමත් තරුණ කාන්තාවක්.එලීනට එයාගෙම කියලා studio එකක් තියෙනවා.මොකද එලීනා චිත්‍ර අඳින්න හරිම දක්ෂයි ඒ වගේම මූර්ති අබන්නත් හැකියාව තියෙනවා.කොහොම හරි දවසක එලීනගෙ ලොකු පුතා මිගෙල් පාසල් යෑමට පෙර අම්මව හම්බවෙන්න එද්දී ඔහු ස්ටුඩියෝ එකේ දකින දෙයින් සෑහෙන්න බියට පත් වෙනවා.මොකද කවුරු හරි කෙනෙක් එළී නගේ හිස්කබලට මොට ආයුධයකින් දරුණු ලෙස පහර දීලා එලිනව ඝාතනය කරලා තියෙනවා.පොලිසිය ඉක්මනටම මේ ගැන විමර්ශන කටයුතු ආරම්භ කරනවා.ඉතින් මේ අතරතුරේදී මේ ගමේ හිටපු වෛද්‍යවරයෙක් හිටිහැටියේ අතුරුදහන් වෙනවා.ඔහු ගැන කිසිදු තොරතුරක් හොයාගන්න ලැබෙන්නෙේ නැහැ.ඉතින් එලිනගෙ ඝාතනයෙත් මේකෙත් මොකක් හරි සම්බන්ධයක් තියෙනවද? එලිනව මරපු මිනීමරුව කවුද? එහෙම මරන්න හේතුව මොකක්ද? මේ ප්‍රශ්නවලට උත්තර දැනගන්න නම් මේ සීරිස් එක ඔයාට බලන්නම වෙනවා.