එක්තරා පශ්චාත් වර්ෂාපතන සමයක

in Steem Sri Lanka4 years ago

හාත්පස රජයන වැහි අඳුර
හුන් තැන ස්ව කැමැත්තෙන්
අකර්මන්‍යව
පාෂාණිභූත වෙන්නැයි
බලකරන හී ගතුව

තුරු පත් අතර සැඟව හිඳ
ඉසියුම් ටික් ටොක් නදින්
තණ ඇතිරිල්ලට
කරණම් ගසන වැහි බිඳු

සිටියා නම් කිසිවෙකු
පිළිගන්වන්නට
ප්‍රණීත උණුහුම් පානයක්
විසුණු කරමින් බරැති හුදකලාව
දොඩන්නට වල් පල් කිසිත්

නොඑසේ නම්,

ගත උණුහුම දැනෙන තරමට
ම'දෙපා පාමුල සැතපී
මට ඔබ වැටහේ යැයි හඟවමින්
වරින්වර සෙනෙහසින්
කිසිත් නොදොඩා
මදෙස නෙත් හෙලන
සියල් සන්තාප උරා ගන්නා
සුනඛ සගයෙක්

---- චාම් -----

hipster-man-standing-porch-wooden-house-looking-mounta-mountains-evening-sunset-calm-relaxing-moment-summer-vacation-90296497.jpg

Sort:  

The last part! 😍 Beautiful 💛

Thanx for reading.

Your post has been upvoted by Steem Sri Lanka Community Curation Trail.

Steem Sri Lanka Discord Channel

✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵

Join With
steem-sri.lanka
Curation Trail For Better Curation Rewards

You have been upvoted by randulakoralage, a Country Representative from Sri Lanka. we are voting with the Steemit Community Curator @steemcurator07 account to support the newcomers coming into steemit.