මිරිඟුව ලුහුබැඳ
බත් හුලක් නොදක්නා
කුස් රවටමින් ප්ලේන්ටියෙන්
කෑ මොර දෙත් අත නාරිත්
සටන් පාවා නොදෙත්
නොතකා අඹු දරුන්
ගම රට ගැන සිතත්
දුගියන් නැති ලොවක්
බිහි වෙතියි සිහින දකිත්
නොවිඳ කිසිත් සැපක්
නොලැබ කිසිත් පලක්
ගැහුණු රිදුණු රන් හදවත්
මහමගම නිසල වෙත්
එක් රතු කමිසයක්
මිහිදන් කළ පසුත්
අළුත් කමිස රැසක්
යළිත් වීදි බසිත්
You are a talented lady who can make a very meaningful poem.Happy about you.
This is the reality we are experiencing each and every day. Sometimes we say they are only the theory makers, with no ability to handle situations or take responsibility.
Yes, from generation to generation
සාර්ථක නිමාවක් 🔥 හැමදාම කියනවා වගේ මේකත් මරු....💪
You have such a lovely writing style and vision, I'll be pleased to hear your opinion on current socialism in the country :). Just a couple of sentences would do .
@supunchandra(60);මට ඒ ගැන පුළුල් අවබෝධයක් නැහැ.එන්.එම් පෙරේරා, කොල්වින් ආර් ද සිල්වා වගේ අයගෙ කාලෙ තිබූ සමාජවාදයෙ නශ්ඨාවශේෂ පමණයි අද දකින්න තියෙන්නෙ කියන හැඟීමයි තියෙන්නෙ. පොදුවේ අද දකින බොහෝ දේ කලකිරෙන සුළුයි.
Pasu pela yana un...
@saman88(57): ඔව්, ඇත්තටම.බහුතරය අවංකවමයි පක්ෂ වෙනුවෙන් කැප වෙන්නෙ.ඇතැම් වාමවාදීන්ගෙ ගෙවල්වල ලෙනින්, කාල් මාස්ක්, ට්‍රොස්කිලගෙ පිංතූර බිත්තිවල ගහලා. සමහරු විජේවීරගෙ පොටෝ..😥
Apith satankala.. Es idirpitima ewa paawa dena hetith dekka.... Kala kirimak thyenne....
@saman88(57): පොදුවේ බැළුවම ඇති වෙන්නෙ කලකිරීමක් තමයි.😥
මිරිඟුව ලුහුබැඳ සත්‍ය අවබෝද වේ. නමුත් මෙහිදී සිදුවන්නේ රැවටීමෙන් මුලා වීමයි!