ඇසුවේද ඔබ කවදාක හෝ / 5% SL Charity
ඇසුවේ ද ඔබ කවදාක හෝ
මියැදුණු වගක් ඇති හැකි කෙනෙක්
ගොර සපුවෙකුට වන අලියෙකුට
ගොදුරක්ව දිවි හැර ගිය වගක්
ඇසුවේද ඔබ කවදාක හෝ
අසරණ දුගී මවකම මිසක්
හැඬු වගක් බලවත් මවක්
යුද වැදී සිය පුතු අහිමි වූ
දුටුවේද ඔබ කවදාක හෝ
අතිදක්ෂ අසරණ දූ පුතුන්
ලොව දිනා ආවත් කෙතෙක්
සිහසුනක් කිරුළක් පිදු වගක්
සිතුවේද ඔබ කවදාක හෝ
යස ඉසුරු සැප සම්පත් දරා
රජකම මිටින් ගෙන කුමරෙකුව
කිම ඉපදුනේ සිදුහත් එදා
එසෙහෙයින් සිදුහත්
බලා පස් මහ බැලුම්
ඉපදුණිය ශාක්‍ය වංශිකව
තබා ලුම්බිණියේ සත් පියුම්....
@sandupi(67); ශුද්‍ර ,වෛශ්‍ය, බ්‍රාහ්මණ කුල නොඉපදුනේ එනිසා විය යුතු.😥
Another Awesome poem with a deep social story. Actually these words hurts me. You have written it very nicely. 💖
@Prasadi(63):
Oh yes, it hurts me frequantly. That is why I share this feeling with the Society. If Siduhath born in cast of "Shudra", "Vaishya" or "Brahmana" any one listened him or followed him ?
Steem Sri Lanka Discord Channel
✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵